![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEixAn6a298Z0QLe7Qc7gRxnb4KHUXIeL2O438LvRikK7AqMqfpeTPuaLafQpotBcwfEIrlTFku_KBTCZj_UW-Y384J92pT5E_QrWO1nLlcCV2Ca1OR0aveFZTQALsN_Nh-AOpQMHAipuNvG/s16000/87246_CharlieHebdoPakistan1_1599231677823.jpg)
පාකිස්තානයේ ප්‍රධාන නගර කිහිපයක පැවැත්වෙන විරෝධතා හේතුවෙන් තිදෙනකු මියගොස් පොලිස් නිලධාරියකු ඇතුළු 40කට වැඩි පිරිසක් තුවාල ලබා ඇත.
පාකිස්තානයේ තෙහ්රීක්-ඊ-ලබායික් පාකිස්තාන් (ටී.එල්.පී.) පක්ෂයේ ප්‍රධානී සාද් හුසේන් රිස්වි අත්අඩංගුවට ගැනීමත් සමඟ මෙම විරෝධතා ඇති වී තිබේ.
ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්රෝන් දෙවියන්ට අපහාස කළේ යැයි චෝදනා කරමින් තෙහ්රීක්-ඊ-ලබායික් පාකිස්තාන් (ටී.එල්.පී.) පක්ෂය පසුගිය වසරේ නොවැම්බර් මාසයේ දී විරෝධතා ආරම්භ කළ අතර පසුගිය කාලයේ දී එම විරෝධතා නතර වී තිබිණි.
කෙසේ නමුත් ටී.එල්.පී. පක්ෂයේ ප්‍රධානියා අත්අඩංගුවට පත්වීමත් සමඟ මෙම විරෝධතා ආරම්භ වූ අතර මේ වනවිට එම විරෝධතා ප්‍රචණ්ඩකාරී ස්වභාවයක් ගෙන ඇත.
පාකිස්තානයේ සිටින ප්‍රංශ තානාපතිවරයා රටින් පිටුවහල් කළ යුතු බවත් ප්‍රංශයෙන් භාණ්ඩ ආනයනය කිරීම නැවැත්විය යුතු බවත් ප්‍රංශ භාණ්ඩ වර්ජනය කළ යුතු බවත් පවසමින් ටී.එල්.පී. පක්ෂය විරෝධතා පවත්වයි.
ANI