නිෂ්පාදන ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකය ඉහළට - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Classified_Ad_News_Top

Apr 15, 2021

නිෂ්පාදන ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකය ඉහළට

රටේ නිෂ්පාදන ක්‍රියාකාරකම් වඩා ඉහළ වේගයකින් යථා තත්ත්වයට පත්වීම පිළිබිඹු කරමින් ඉකුත් මාර්තු මාසයේ දී නිෂ්පාදන අංශයේ ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකය ඒකක 67.0ක් ලෙස මාස නවයක් තුළ ලබාගත් ඉහළම අගය වාර්තා කර ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කරයි. 

නිෂ්පාදනය, නව ඇණවුම් සහ තොග මිලදී ගැනුම් උප දර්ශකවල ඉහළ යෑම මීට ප්‍රධාන වශයෙන් හේතු වූ බව ද එම බැංකුව කියයි. ශ්‍රී ලංකා මහ බැංකුවට අනුව ආහාර හා පාන වර්ග නිෂ්පාදනය සහ රෙදිපිළි හා ඇඟලුම් නිෂ්පාදන අංශවල නව ඇණවුම් සහ නිෂ්පාදනය උප දර්ශකවල සිදු වූ සැලකිය යුතු වැඩි වීම සමස්ත දර්ශකයේ ඉහළ යාමට ප්‍රධාන වශයෙන් දායක වී ඇත. 

අලුත් අවුරුදු උත්සව සමය ආසන්න වෙත්ම විකුණුම් මෙන්ම නිෂ්පාදනය ඉහළ ගිය බව ආහාර හා පාන වර්ග නිෂ්පාදන අංශයේ බොහෝ ප්‍රතිචාර දක්වන්නන් සඳහන් කර ඇතැයි ද මහ බැංකුව පවසයි. 

ඉදිරි උත්සව සමය වෙනුවෙන් ලබාදෙන නිවාඩු දින ආවරණය කිරීම සඳහා මෙම මාසයේදී සිය නිෂ්පාදනය වැඩි කළ බව රෙදිපිළි හා ඇඟලුම් නිෂ්පාදන අංශයේ ප්‍රතිචාර දැක්වූවන් සඳහන් කළ බව ද මහ බැංකුව කියයි. 

මේ අතර නව ඇණවුම් සහ නිෂ්පාදනයේ සිදු වූ වර්ධනයත් සමඟ තොග මිලදී ගැනුම් උප දර්ශකය ඉහළ ගිය බවත් සේවා නියුක්තිය උප දර්ශකය ද වේගයෙන් ඉහළ ගිය බවත් ශ්‍රී ලංකා මහ බැංකුව තවදුරටත් සඳහන් කරයි.

Classified_Ad

Classified_Ad_News_Bottom