
තවත් ධුර දෙකක් ජනපති ධුරය හොබවමින්, 2036 වසර රුසියාවේ ජනාධිපති ධුරයේ රැදී සිටීමට සිදු කළ ව්‍යවස්ථා සංශෝධයනට රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් අත්සන් තැබුවේය.
ඒ අනුව, 68 හැවිරිදි පුටින්, 2036 වසර තෙක්, වසර 6 බැගින් ධුර කාල දෙකක් ජනාධිපති ධුරයේ කටයුතු කරනු ඇත.
දශක දෙකකට වැඩි කාලයක් රුසියාවේ ජනාධිපති ධුරය හොබවන ව්ලැදිමීර් පුටින්, තවත් ධුර කාල දෙකක් රුසියාවේ ජනාධිපති ලෙස කටයුතු කිරීමට ව්‍යවස්ථා සංශෝධනය කළේ පසුගිය 2020 වසරේ ජූලි මාසයේ කොරෝනා වසංගතය මැද පැවැති ජනමත විමසුමකින් පසුවය.
එහිදී රුසියානුවෝ බහුතරයක් ඡන්දය පළ කරමින් ව්‍යවස්ථා සංශෝධනයකට කැමැත්ත දැක්වූහ.
ව්ලැදිමීර් පුටින්ගේ ජනපති ධුර කාලය 2024 දී අවසන් වීමට නියමිතව තිබුණු නමුත් ව්‍යවස්ථා සංශෝධනයත් සමඟ ඔහුට කිසිදු බාධාවකින් තොරව දිගටම ජනපති ධුරයේ රැදී සීටීමට හැකිවනු ඇත.
ව්‍යවස්ථා සංශෝධනයට අදාල කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරුණු අතර පසුගිය මාර්තුවේ ඊට පාර්ලිමේන්තුවේ අනුමැතිය හිමිවිය.
ජනපති පුටින් ව්‍යවස්ථා සංශෝධනය සිදු කිරීමට සිය අත්සන යෙදුවේ ඉන්පසුවය.
පුටින් පළමු වර රුසියාවේ ජනාධිපති ලෙස එම ධුරයට පත් වූයේ 2000 වසරේදීය. ඒ වනවිට ජනපතිවරයාගේ ධුර කාලය සිවු වසරකට සීමා වූ අතර, පුටින් ධුර කාල දෙකක් සම්පූර්ණ කළේය.
2008 දී ජනාධිපති ධුරයට පත් වූයේ පුටින්ගේ සමීපතම හිතවතා දිමිත්‍රි මෙඩ්වදේව් ජනාධිපතිවරයා ලෙස මෙඩ්වදේව් ව්යිවස්ථාව සංශෝධනය කළේ ජනපතිවරයකුගේ ධුර කාලය වසර හතරේ සිට හය තෙක් දීර්ඝ කරමිනි.
ඉන්පසු 2012 දී පුටින් යළි ජනාධිපති ධුරයට පත් වුණු අතර, 2018 ජනාධිපතිවරණයෙන් ද විශිෂ්ට ජයක් හිමි කර ගත්තේය.
පුටින්, 'දිවිඇතිතෙක් ජනාධිපති' ලෙස කටයුතු කිරීමට උත්සාහ ගන්නවා යැයි විපක්ෂ දේශපාලන ක්‍රියාකාරීන් රුසියන් රජය එරට විපක්ෂ දේශපාලනඥයන් සහ දේශපාලන පක්ෂ දැඩි ලෙස මර්දනයට ලක් කරයි.
රුසියන් විපක්ෂ නායක ලෙස කටයුතු කරන දූෂණ විරෝධී ක්‍රියාකාරියකු ඇලෙක්සි නෙවල්නි ට වස දීමට තැත් කළේත්, මේ වනවිට ඔහු අත්අඩංගුවට ගෙන ඇත්තේත් පුටින්ගේ උපදෙස් අනුව යැයි ද පැවැසෙයි.
රොයිටර්