ජ්‍යෙෂ්ඨ පුරවැසි මාසික දීමනාව වැඩි කෙරේ - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Stay Safe

Apr 6, 2021

ජ්‍යෙෂ්ඨ පුරවැසි මාසික දීමනාව වැඩි කෙරේ

sample-ad-complete-big
Senior-Citizen
ජ්‍යෙෂ්ඨ පුරවැසි මාසික දීමනාව රුපියල් 2000 සිට රුපියල් 2500 දක්වා වැඩි කරන බව ප්‍රාථමික සෞඛ්‍ය සේවා, වසංගත රෝග හා කොවිඩ් රෝග පාලන රාජ්‍ය අමාත්‍ය වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය පාර්ලිමේන්තුවේදී පැවසීය. 

ජ්‍යෙෂ්ඨ පුරවැසි දීමනාව 416677ක් ලබාගන්නා බවත් මෙම පිරිස අතුරින් 238640 ක් සඳහා දීමනාව 2500 දක්වා වැඩිකිරීමට දැනටමත් අවශ්‍ය කටයුතු සිදුකොට ඇති අතර ඉතිරි පිරිස සඳහාද ඉක්මනින් මෙම රුපියල් 500 වැඩිකිරීමට කටයුතු කරන බවත් රාජ්‍ය අමාත්‍ය වෛද්‍ය ගරු සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය මෙහිදී වැඩිදුරටත් සඳහන් කළාය. 

එසේම විදේශ වන්දනා ගමන් සඳහා ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට අඩු පොළියට ණය ලබාදීමට බැංකු කිහිපයක් සමග සාකච්ඡාකොට ඇති බවද රාජ්‍ය අමාත්‍යවරිය පැවසුවාය. 

රාජ්‍ය අමාත්‍ය වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය මේ බව ප්‍රකාශ කළේ ගාල්ල දිස්ත්‍රික් මන්ත්‍රී ගයන්ත කරුණාතිලක මහතා යොමුකළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.

උපුටා ගැනීම - 'ලංකාදීප'

Classified_Ad