කත්‍රිනාත් ආසාදිතයෙක් වෙලා - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Classified_Ad_News_Top

Apr 6, 2021

කත්‍රිනාත් ආසාදිතයෙක් වෙලා

බොලිවුඩයේ නළු නිළියන් බොහෝ දෙනකුට මේ වනවිට 'කොවිඩ් 19' හෙවත් නව කොරෝනා වයිරසය ආසාදනය වී ඇති අතර, එසේ ආසාදනය වූ නළු නිළි ලැයිස්තුවට අලුත්ම එක් වී සිටින්නේ බොලිවුඩ් සුරූපිනී කත්‍රිනා කායිෆ් ය.

'මා කොවිඩ් 19 ආසාදිතයකු බව තහවුරු වුණා. දැන් මා වෛදය උපදෙස් මත නිවසේ නිරෝධානය වී සිටිනවා. පසුගිය දිනවල මා සමග සමීපව කටයුතු කළ සියලු දෙනාගෙන් මා ඉල්ලා සිටිනවා පීසීආර් පරීක්ෂණවලට යොමු වෙන්න" යැයි කත්‍රිනා ප්‍රසිද්ධියට පත් කළ ඉන්ස්ටග්‍රෑම් පණිවුඩයේ සදහන් වෙයි. 

කත්‍රිනා 'කොවිඩ් 19' ආසාදිතයකු බව තහවුරු වෙද්දී, තවත් නළු නිළි දෙපළක් වන විකී කෞෂල් සහ භූමි පෙඩ්නෙකාර් ද ආසාදිතයන් බව තහවුරු වී නියෝධායනයට යොමු වුණැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේය. 

37 හැවිරිදි කත්‍රිනා රංගනයෙන් එක්වන නවතම චිත්‍රපටය වනු ඇත්තේ 'සූර්යවංශි' ය. මෙය ආක්ෂේ කුමාර් ප්‍රධාන චරිත නිරූපණය කරන චිත්‍රපටයකි.

52 හැවිරිදි ආක්ෂේ මේ වනවිට 'කොවිඩ් 19' ආසාදිතයකු හදුනාගෙන රෝහල් ගතව සිටින බව ද පැවැසෙයි. ආක්ෂේගේ තත්ත්වය බරපතල නොවන බව ද රෝහල් ආරංචි මාර්ග පවසයි. 

ඉන්දියන් එක්ස්ප්‍රෙස්

Classified_Ad

Classified_Ad_News_Bottom