රාහුල් ගාන්ධිටත් කොරෝනා - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Classified_Ad_News_Top

Apr 20, 2021

රාහුල් ගාන්ධිටත් කොරෝනා

ඉන්දියාවේ ප්‍රධාන විපක්ෂ දේශපාලන කණ්ඩායම වන කොංග්‍රස් පක්ෂයේ නායක රාහුල් ගාන්ධි ට ‘කොවිඩ් 19’ හෙවත් නව කොරෝනා වයිරසය ආසාදනය වී ඇතැයි එරට මාධ්‍ය වාර්තා කරයි. 

ඉන්දීය මාධ්‍ය මේ බව වාර්තා කළේ රාහුල් සිය ට්විටර් ගිණුමේ පළ කළ නිවේදනය ද උපුටා දක්වමිනි. තමන් කොරෝනා ආසාදිතයකු බවත් පසුගිය දින කීපයේ තමන් සමීපයට ආ සියලු දෙනා පීසීආර් පරීක්ෂණ වෙත යොමු විය යුතු බවත් රාහුල් ගාන්ධි පවසා ඇත. 

50 හැවිරිදි රාහුල් ගාන්ධි, මේ වනවිට වෛද්‍ය උපදෙස් අනුව නිරෝධායනයට යොමු වී ඇතැයි ද වාර්තා වේ. වෛද්‍යවරුන්ට අනුව ඔහුගේ තත්ත්වය බරපතල නොවන බව ද පැවැසෙයි. 

NDTV

Classified_Ad

Classified_Ad_News_Bottom