රාහුල් ගාන්ධිටත් කොරෝනා - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Apr 20, 2021

රාහුල් ගාන්ධිටත් කොරෝනා

ඉන්දියාවේ ප්‍රධාන විපක්ෂ දේශපාලන කණ්ඩායම වන කොංග්‍රස් පක්ෂයේ නායක රාහුල් ගාන්ධි ට ‘කොවිඩ් 19’ හෙවත් නව කොරෝනා වයිරසය ආසාදනය වී ඇතැයි එරට මාධ්‍ය වාර්තා කරයි. 

ඉන්දීය මාධ්‍ය මේ බව වාර්තා කළේ රාහුල් සිය ට්විටර් ගිණුමේ පළ කළ නිවේදනය ද උපුටා දක්වමිනි. තමන් කොරෝනා ආසාදිතයකු බවත් පසුගිය දින කීපයේ තමන් සමීපයට ආ සියලු දෙනා පීසීආර් පරීක්ෂණ වෙත යොමු විය යුතු බවත් රාහුල් ගාන්ධි පවසා ඇත. 

50 හැවිරිදි රාහුල් ගාන්ධි, මේ වනවිට වෛද්‍ය උපදෙස් අනුව නිරෝධායනයට යොමු වී ඇතැයි ද වාර්තා වේ. වෛද්‍යවරුන්ට අනුව ඔහුගේ තත්ත්වය බරපතල නොවන බව ද පැවැසෙයි. 

NDTV

Classified_Ad