ප්‍රතිශක්තීකරණය වැඩි කරන බව කියන ප්‍රතිශක්තිකරණ පානයක් බෙදාහැරීම සඳහා කුටි ස්ථාපිත කිරීමට ඉන්දීය මැතිවරණ කොමිෂන් සභාවේ අවසරය හිමි වූ බව ඒ.අයි.ඒ.ඩී.එම්.කේ. පක්ෂය සඳහන් කරයි.
ඖෂධ පැළෑටි භාවිත කරමින් මෙම කසාය සකස් කර තිබෙන අතර මෙය පානය කිරීමෙන් ප්‍රතිශක්තීකරණය වැඩි වන බව පැවසෙයි.
‘කබසුරා කුදිනීර්’ යන නමෙන් මෙම පානය හැඳින්වෙයි.
කාසය වර්ගයත්, මුඛ ආවරණ, විෂබීජ නාශක දියර සහ කිරි බෙදාහැරීම සඳහා කුටි ස්ථාපිත කිරීමට ඉන්දීය මැතිවරණ කොමිෂන් සභාවේ අවසරය හිමි වූ බව මේ සම්බන්ධයෙන් ලිපියක් නිකුත් කරමින් ඒ.අයි.ඒ.ඩී.එම්.කේ. පක්ෂයේ ප්‍රකාශක ආර්.එම්. බාබු මුරුගවේල් සඳහන් කළේය.
‘ද හින්දු’ ඇසුරිනි