මෙරට ආසාදිතයන් ලක්ෂය පසු කරයි - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Classified_Ad_News_Top

Apr 24, 2021

මෙරට ආසාදිතයන් ලක්ෂය පසු කරයි

කොවිඩ් -19 වයිරස ආසාදනය වී ඇති 826 දෙනෙකු අද (24) දිනයේ හඳුනාගෙන ඇති බව යුද හමුදාපති ජෙනරාල්, ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි. 

ඒ අනුව කොවිඩ් ආසාදිත බවට මෙරටදී හඳුනාගත් සමස්ත රෝගීන් සංඛ්‍යාව ලක්ෂයේ සීමාව පසුකර ඇත‍. එම සංඛ්‍යාව වාර්තා වන්නේ 100,517ක් ලෙසය.

අද වනවිට ගෝලීය සමස්ත කොරෝනා ආසාදිතයන් ගණන 146,543,500 ක් ලෙස ද  ගෝලීය කොරෝනා මරණ 3,103,808 ක් ලෙස ද වාර්තා විය.

පූර්ණ සුවය ලැබූ ගණන 124,292,393 කි.

කොරෝනා ආසාදිතයන් සහ මරණ අතින් තවමත් ඉදිරියෙන් පසුවන්නේ ඇමෙරිකාවය. ඇමෙරිකාවේ ආසාදිතයන් ගණන 32,738,497 කි. මරණ වාර්තා වන්නේ 585,115 ක් ලෙසය.

ආසාදිතයන් අතින් දෙවැනි ස්ථානයේ පසුවන්නේ ඉන්දියාවය. ඉන්දියාවේ සමස්ත ආසාදිතයන් ගණන 16,743,955 කි. ඉන්දියාවේ සමස්ත මරණ සංඛ්‍යාව 190,210 කි.

Classified_Ad

Classified_Ad_News_Bottom