ඉන්දියාවෙන් අඛණ්ඩව තෙවැනි දිනටත් ලක්ෂ තුන ඉක්මවා නව කොරෝනා වයිරස ආසාදිතයන් වාර්තා වී ඇතැයි එරට සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි.
ඉන්දියාවෙන් සිකුරාදා, එනම් අප්‍රේල් 23 වැනිදා දිනය තුළ වාර්තා වී ඇති නව කොරෝනා වයිරස ආසාදිතයන්ගේ ගණන 3,45,799කි. එම පැය 24 දී එරටින් වාර්තා වී ඇති නව කොරෝනා වයිරස ආසාදිත මරණ ගණන 2,624කි.
ඉකුත් දින තුනේ දී ඉන්දියාවෙන් දෛනිකව ලක්ෂ තුන ඉක්මවා නව කොරෝනා වයිරස ආසාදිතයෝ වාර්තා වූහ.
ඉන්දියාවෙන් මේ වනවිට වාර්තා වන නව කොරෝනා වයිරස ආසාදිතයන්ගේ සමස්ත ගණන 1,66,03,126ක් වන අතර එරටින් වාර්තා වන නව කොරෝනා වයිරස ආසාදිත සමස්ත මරණ ගණන 1,89,553කි.
ලඩාක්හි නව කොරෝනා වයිරස ආසාදිතයන්ගේ සහ මරණවල ගණන් මේ සංඛ්‍යාවවලට ඇතුළත් නව බව ද ‘ දි හින්දු’ පුවත් වෙබ් අඩවිය වාර්තා කරයි.
ඉන්දියාව දිනක් ඇතුළත කරන ලද පරීක්ෂණ ගණන අප්‍රේල් 22 වැනිදා පළමු වරට ලක්ෂ 17 ඉක්මවූ අතර එදින කරන ලද නව කොරෝනා වයිරස ආසාදිතයන් හඳුනාගැනීමේ පරීක්ෂණ ගණන ලක්ෂ 17.4ක් ලෙස දැක්විණි. ඒවායේ ප්‍රතිඵල නිකුත් වූයේ අප්‍රේල් 23 වැනිදා ය. ඒවායේ ප්‍රතිඵලත් සමඟ ඉන්දියාවෙන් වාර්තා වන නව කොරෝනා වයිරස ආසාදිතයන්ගේ සමස්ත ගණන ලක්ෂ 16 සීමාව ඉක්මවා ගියේ ය.
මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයෙන් අවසන් පැය 24 දී නව කොරෝනා වයිරස ආසාදිතයන් 66,836ක් වාර්තා වී ඇති අතර එය සියයට 19ක වර්ධනයක් යැයි පැවසේ. උත්තර ප්‍රදේශ් ප්‍රාන්තයෙන් වයිරස ආසාදිතයන් 37,238ක්, කේරළයෙන් 28,447ක් වශයෙන් නව කොරෝනා වයිරස ආසාදිතයන් වාර්තා වී ඇත.
ඉන්දියාවෙන් අවසන් පැය 24 දී වැඩිම නව කොරෝනා වයිරස ආසාදිත මරණ ගණනක් වාර්තා වී ඇත්තේ මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයෙනි. එම ප්‍රාන්තයෙන් අවසන් පැය 24 දී වාර්තා වී ඇති නව කොරෝනා වයිරස ආසාදිත මරණ ගණන 773 කි.
ඊට පසුව දිල්ලියෙන් මරණ 348ක් ද චතිස්ගාර් ප්‍රාන්තයෙන් මරණ 219ක් ද වාර්තා වී ඇත.
ඉන්දියාවෙන් අවසන් පැය 24 දී සුවය ලබා රෝහල්වලින් පිටව ගිය 2,19,412ක් වූ අතර ඒ අනුව ඉන්දියාවේ නව කොරෝනා වයිරසය ආසාදනය වී සුවය ලබා ඇති සම්පූර්ණ ගණන 1,38,61,149කි.
ඉන්දියාව අවසන් පැය 24 දී ලක්ෂ 31.47 දෙනකුට නව කොරෝනා වයිරස මර්දන එන්නත ලබා දී තිබෙන අතර එය කලින් පැය 24 ට වඩා ලක්ෂ 9.36ක වැඩි වීමකි. පසුගිය සතියේ දී ඉන්දියාව දෛනිකව ලබාදෙන නව කොරෝනා වයිරස මර්දන එන්නත් ගණන අඩු වී ඇතැයි ද වාර්තා වේ.
ඉන්දියාව අප්‍රේල් 9 වැනිදා සිට 15 වැනිදා දක්වා කාලයේ දී ලබා දී ඇති නව කොරෝනා වයිරස මර්දන එන්නත් ගණනේ සාමාන්‍ය ලක්ෂ 32.69කි.
කෙසේ නමුත් අප්‍රේල් 22 වැනිදා එම සාමාන්‍ය අගය ලක්ෂ 26.07ක් දක්වා පහත වැටී ඇත.
මේ වසර අවසන් වනවිට ඉන්දියාවේ සියලු වැඩිහිටියන්ට නව කොරෝනා වයිරස මර්දන එන්නත ලබා දීමට නම් දිනකට එන්නත් මාත්‍රා ලක්ෂ 68ක සාමාන්‍ය අගයක් පවත්වාගෙන යා යුතු යැයි ද පැවසේ.
ද හින්දු