පුහුණු වෛද්‍ය සිසුන්; හෙදියන් සේවයට - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Classified_Ad_News_Top

May 4, 2021

පුහුණු වෛද්‍ය සිසුන්; හෙදියන් සේවයට

පුහුණු වෛද්‍ය සිසුන් සහ පුහුණු හෙද හෙදියන් වෛද්‍ය සේවයට කැඳවීමට ඉන්දියාව පියවර ගෙන ඇත. 

ඉන්දියාවේ දෛනිකව වාර්තා වන ‘කොවිඩ්-19’ හෙවත් නව කොරෝනා වයිරස ආසාදිතයන්ගේ ගණන මේ වනවිට සති දෙකකට ආසන්න කාලයක් මුළුල්ලේ සිට තුන් ලක්ෂය ඉක්මවයි. 

මේ හේතුවෙන් ඉන්දියාව ලොව විශාලතම වයිරස ආසාදිතයන් ඉහළ යෑමේ අර්බුදයට මුහුණ දී සිටින අතර එරට සෞඛ්‍ය පද්ධතිය උග්‍ර අර්බුදයට මුහුණ පා සිටියි. 

 මේ හේතුවෙන් වෛද්‍ය හා හෙද සිසු සිසුවියන්ගේ විභාග කල් දමා පුහුණු මට්ටමේ සිටින වෛද්‍යවරුන් සහ හෙද හෙදියන් ‘කොවිඩ්-19’ මර්දන සටනට කැඳවීමට ඉන්දියාව පියවර ගෙන ඇත. 

ඉන්දියාවෙන් දෛනිකව තුන් ලක්ෂය ඉක්මවා නව කොරෝනා වයිරස ආසාදිතයන් හඳුනාගන්නා අතරේම රට මේ වනවිට දැවැන්ත ඔක්සිජන් අර්බුදයකට මුහුණ දී සිටියි. 

එපමණක් නොව ඉන්දියාවේ රෝහල්වල ඖෂධ හිඟයක් මෙන්ම ඇඳන් හිඟයක් ද නිර්මාණය වී තිබේ. ඉන්දියාවේ නව කොරෝනා වයිරස ආසාදිතයන්ගේ සමස්ත ගණන මේ වනවිට මිලියන 10කට ආසන්න වී තිබේ. 

රොයිටර්

Classified_Ad

Classified_Ad_News_Bottom