ෂාරුක් දියණියට 21 යි - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

May 24, 2021

ෂාරුක් දියණියට 21 යි

බොලිවුඩ් රජු ෂාරුක් ඛාන්ගේ දියණිය සුහානා ඛාන්ගේ 21 වැනි උපන් දිනය පසුගිය සෙනසුරාදා (23) ට යෙදී තිබුණි. 

නිළියක් නොවුණත්, ෂාරුක්ගේ දියණිය වීම නිසාම, ‘මට දැන් 21 යි’ කියමින්, සුහානා සිය ඉන්ස්ටග්‍රෑම් සමාජ මාධ්‍ය ඔස්සේ පළ කළ ඡායාරූපවලට ලයික් සහ කොමෙන්ට් ගලා ආ බව ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබේ.

බොලිවුඩ් නළි නිළියෝ ද සුහානාට සුබ පැතීමට අමතක නොකළාහ. සෝයා අක්තාර්, සීමා කාන්, ආන්යා පාණ්ඩේ, භවානා පාණ්ඩේ, මහීප් කපූර් ඒ අතර වෙති. 
සුහානා ඛාන් අධ්‍යාපනය ලබමින් ඇමෙරිකාවේ රැදී සිටී. 2000 මැයි 22 වැනිදා මුම්බායි නුවරදී උපන් සුහානා, 21 වැනි උපන් දිනය සැමරුවේ නිව්යෝක් නුවර සිටය. 

 සුහානා මේ වනවිට උසස් අධ්‍යාපනය ලබන්නේ නිව්යෝක් විශ්ව විද්‍යාලයේය. සුහානා, ෂාරුක් ඛාන්ගේත් ගෞරි ඛාන්ගේත් දෙවැනි දරුවාය. සුහානාට වැඩිමල් සොහොයුරෙක් සහ බාල සොහොයුරෙක් සිටිති. 
කොරෝනා වසංගතය හේතුවෙන්, ඉතාමත් චාම් අයුරින් පැවැත්වුණු උපන් දින සාදය සමාජ මාධ්‍ය හරහා මිතුරන් අතරේ බොදා ගැනීමට සුහානා අමතක කළේ නැත. 

හින්දුස්ථානී ටයිම්ස්

Classified_Ad