හූමා කුරේෂි සහ හොලිවුඩ් සිනමාකරු සැක් ස්නයිඩර්
'ආමි ඔෆ් ද ඩෙඩ්' හරහා හොලිවුඩයට පිවිසුණු බොලිවුඩ් තරුවක් ද සිටී. ඇය හූමා කුරේෂී ය.
'ආමි ඔෆ් ද ඩෙඩ්' චිත්‍රපටයේ ගීතාගේ චරිතය නිරූපණය කරන හූමා කුරේෂිගේ රංගනය ඉතා කෙටි එකක් වුණත්, ඉන්දීය සිනමාලෝලීන්ට එය ලොකු දෙයකි.
බොලිවුඩ් සුරූපිනියන් වන ප්‍රියංකා චොප්රා, දීපිකා පදුකෝන් මේ වනවිටත් හොලිවුඩය ජයගෙන අවසන්ය.
දීපිකා පදුකෝන්ගේ හොලිවුඩ් සිනමා පිවිසුම ලෙස සැලකෙන්නේ 'XXX 3 - රිටර්න් ඔෆ් සැන්ඩර් කේජ්' චිත්‍රපටයයි. සැන්ඩර් කේජ් ලෙස චිත්‍රපටයේ ප්‍රධාන චරිත නිරූපණය කරන්නේ ජනප්‍රිය හොලිවුඩ් නළු වින් ඩීසල් ය. 'XXX 4' චිත්‍රපටයට ද දීපිකා කැමැත්ත පළ කර තිබේ.
කොරෝනා නිසා හොලිවුඩ් මෙන්ම බොලිවුඩ් සිනමා කර්මාන්තය මන්දගාමී වී ඇති නමුත්, ඉදිරියේ දී තවත් ඉන්දීය නළු නිළියන් බොහෝ දෙනකු හොලිවුඩ් සිනමා නිර්මාණ ඔස්සේ දකින්න ලැබෙනු ඇත.
රූසෝ සොහොයුරන් ජනප්‍රිය අධ්‍යක්ෂකවරුන් බවට පත් වූයේ මාවල් 'කැප්ටන් ඇමෙරිකා වින්ටර් සෝල්ජර්' සහ 'ඇවෙන්ජර් එන්ඩ්ගේම්' චිත්‍රපට අධ්‍යක්ෂණය කිරීමෙනි. රූසෝ සොයුරන්ගේ 'ද ග්‍රේ මෑන්' චිත්‍රපටයට දෙමළ සිනමාවේ සුපිරි නළු දනුෂ් එක් වී සිටීම සුවිශේෂී සිදුවීමක් ලෙස සැලකෙයි.
අලී ෆසාල්
දනුෂ්
ෆරාන් අක්තාර්
'මිස් මාවල්' ටෙලි කතා මාලාවට බොලිවුඩ් නළු ෆරාන් අක්තාර් සම්බන්ධ වී සිටී.
බොලිවුඩ් නළු අලී ෆසාල් 'ඩෙත් ඉන් ද නයිල්' චිත්‍රපටයට රංගනයෙන් එක් වී සිටී.
'ඩෙත් ඉන් ද නයිල්' යනු ලේඛිකා අගතා ක්‍රිස්ටිගේ පුයිරේ නමැති රහස් පරීක්ෂණවරයාගේ තවත් වික්‍රමයකි. චිත්‍රපටයේ පුයිරේගේ චරිතයට පණ පොවන්නේත්, චිත්‍රපටය අධ්‍යක්ෂණය කරන්නේත් කීනිත් බ්‍රෙගා ය.
කවුරුත් පුලපුලා බලා සිටින තවත් දැවැන්ත හොලිවුඩ් චිත්‍රපටයක් වන්නෙක් 'මෙට්‍රික්ස් 4' ය. මෙම චිත්‍රපටයට ප්‍රියංකා චොප්රා සම්බන්ධ වී සිටින්නීය. සුපිරි හොලිවුඩ් නළු කියානෝ රීව්ස් 'මෙට්‍රික්ස් 4' චිත්‍රපටයේ ප්‍රධාන චරිත නිරූපණය කරනු ඇත.
ප්‍රියංකා චොප්රා ඇමෙරිකාවේත්, බටහිර රටවල ප්‍රේක්ෂකයන්ගේත් ආදරය දිනා ගත්තේ 'කොන්ටිකෝ' රූපවාහිනී කතා මාලාව හරහාය. ඉන්පසු හොලිවුඩ් සිනමාපට කීපයකටම ප්‍රියංකා රංගනයෙන් එක් වූවාය.
ප්‍රියංකා විවාහ වී සිටින්නේ හොලිවුඩ් නළුවකු, ගායකයකු සහ ගීත රචකයකු ද වන නික් ජොනාස් සමඟය.