කිරි පැණිවලට රස වැටුණු තානාපතිනිය - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Classified_Ad_News_Top

May 9, 2021

කිරි පැණිවලට රස වැටුණු තානාපතිනිය

තමා ශ්‍රී ලංකාවේ ජනප්‍රිය අතුරුපසක් වන කිරි පැණි වලට වඩාත් ඇලුම් කරන බව ශ්‍රී ලංකාවේ ඇමෙරිකා තානාපති ඇලයිනා බී.ටෙප්ලිට්ස් මහත්මිය සිය ට්විටර් ගිණුම ඔස්සේ පළකළ සටහනට සමාජ මාධ්‍යයේ දැඩි අවධානයක් යොමු වී තිබේ. 

කොළඹදී හෝටලටකදී කිරි පැණි අතුරුපසට ගත් පසු තානාපතිනිය සිය ට්විටර් සටහනේ මේසේ සදහන් කර ඇත. 
"කිරි පැණි, එය ප්‍රණීතයි. ප්‍රබෝධමත්ව. රසවත්. ශ්‍රී ලාංකික අතුරුපසක් සදහා මීට වඩා හොද සංයෝජනයක් ගැන මට හිතා ගන්න බැහැ. ඊළඟ වතාවෙදි මා මේ අතුරුපස මැටි බදුනක දමා වෙනස රස විදිය හැකි දැයි බලන්නම්. මා වගේ කිරි සහ පැණි රස විදීමට කැමති කවුරු හරි ඉන්නවද ? ''

යනුවෙන් ඇය සදහන් කර සිටීන්නීය.

ඇයගේ එම ට්විටර් සටහනට ට්විටර් සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකිකයින් හා විදේශිකයින් යහපත් ප්‍රතිචාර දක්වා ඇත.

ඇමෙරිකන් තානාපතිනියගේ 
නිල ට්විටර් ගිණුම ඇසුරිනි

Classified_Ad

Classified_Ad_News_Bottom