බෂාර් අල් අසාද්ට විශිෂ්ට ජයක් - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Classified_Ad_News_Top

May 28, 2021

බෂාර් අල් අසාද්ට විශිෂ්ට ජයක්

සිරියානු ජනාධිපතිවරණයෙන් විශිෂ්ට ජයක් හිමිකර ගැනීමට, ජනාධිපති බෂාර් අල් අසාද් සමත්විය. සිරියානු මැතිවරණ කොමිසම නිවේදනය කළ අන්දම අසාද් ජයග්‍රහණය කළේ සියයට 95.1 ක ඡන්ද ප්‍රතිශතයක් හිමිකර ගනිමිනි. 

අසාද්ගේ ප්‍රතිවාදීන් ලෙස අපේක්ෂකයෝ දෙදෙනෙක් ජනපති තරගයට ඉදිරිපත් වූහ. සලූම් අබ්දුල්ලා සහ අහ්මද් මාරේ යනු ඔවුන් දෙදෙනාය. අහ්මද් මාරේ ලබා ගත් ඡන්ද ප්‍රතිශතය සියයට 3.3 ක් වන අතර, සලූම් අබ්දුල්ලා ලබා ගත්තේ සියයට 1.5 ක ඡන්ද ප්‍රතිශතයක් පමණි. 

බෂාර් අල් අසාද් සිරියාවේ ජනපති ධුරය හොබවන්නේ 2000 වසරේ සිටය. වසර 21 ක් තිස්සේ නොකඩවා බලයේ රැඳී සිටීමට අසාද් සමත් වී සිටී. පසුගිය 26 වැනිදා පැවැති ජනාධිපතිවරණයෙන් අසාද් යළි ජයග්‍රහණය කළේ සිවුවැනි වරටය. 

ඇමෙරිකාව, ප්‍රංශය ඇතුළු බටහිර රටවල් චෝදනා කර ඇත්තේ ඡන්ද අක්‍රමිකතා රැසක් සිදුවී ඇති බැවින්, අසාද්ගේ ජය පිළිගත නොහැකි බවය. ඇමෙරිකාව ඇතුළු බටහිර රටවල් අසාද්ගේ පාලනයට විරෝධය දක්වන අතර ඔවුන් සහාය ලබා දෙන්නේ විපක්ෂ දේශපාලන කණ්ඩායම්වලටය. 

සිරියාවේ සිවිල් යුද්ධයට හේතුවක් වූයේ ද මෙයයි. වසර 11 ක් තිස්සේ පැවැති සිවිල් යුද්ධය හේතුවෙන් සහ අයි.එස්. ත්‍රස්තවාදීන්ගේ ප්‍රචණ්ඩ ක්‍රියා හේතුවෙන් සිරියානු වැසියෝ තවමත් පීඩාවට පත් වී සිටිති.

රොයිටර්

Classified_Ad

Classified_Ad_News_Bottom