චීන සෙබළුන්ට මුහුණ දෙන්න ජපානය සීරුවෙන් - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Classified_Ad_News_Top

May 28, 2021

චීන සෙබළුන්ට මුහුණ දෙන්න ජපානය සීරුවෙන්

චීන යුද සෙබළුන් පැමිණීම වැළැක්වීමේ අරමුණින් ජපානයේ ආත්ම ආරක්ෂක බළකයන් ඉකුත් දා යුද අභ්‍යාසක් පැවැත්වීය. ජපානයට අයත් එහෙත් තරමක් ඈතින් පිහිටි දූපත්වලට චීන සෙබළුන් පැමිණීම වැළැක්වීමේ අරමුණින් මෙම යුද අභ්‍යාස පවත්වා තිබිණි. 

හදිසි අවස්ථාවකදී එම දූපත්වලින් ආරක්ෂිතව පිටවීමත් පුහුණු කිරීම සඳහාත් එම දූපත් ආරක්ෂා කරගැනීමටත් සම්බන්ධයෙන් මෙහිදි අවධානය යොමු කර තිබිණි. ‍ෂිසුවෝකා දිස්ත්‍රික්කයේ නැගෙනහිර ෆූජි පුහුණ ප්‍රදේශයේ දී මෙම යුද අභ්‍යාසය පැවැත්විණි. මෙය වාර්ෂිකව පැවැත්වෙන්නකි. 

 නැගෙනහිර චීන මුහුදේ පිහිටි සෙන්කාකු දූපතට චීනය හිමිකම් කියයි. කෙසේ නමුත් මෙම දූපතේ පරිපාලනය මෙහෙය වන්නේ ජපනායයි. පසුගිය කාලයේ දී චීනය මෙම දූපත ආශ්‍රිතව සිය නාවික බලපෑම් වැඩි කර තිබේ. 

ඒ හේතුවෙන් ජපානය මේ වනවිට දූපත් සම්බන්ධයෙන් වැඩි සැලකිල්ලක් දක්වන බව ජැපෑන් ටයිම්ස් පුවත්පත වාර්තා කරයි. ජපානය මේ වනවිට තමන්ට අයත් නැන්සෙයි දූපත් ආරක්ෂා කරගැනීමට ද පියවර ගෙන ඇත. නැන්සෙයි යනු ජපානයට අයත් දූපත් දාමයකි. 

නිරිත දිගින් තායිවානය දෙසට දිවෙන මෙම දූපත් ඔකිනාවා සහ සෙන්කාකු දූපත් ද ආවරණය කෙරෙයි. සෙන්කාකු දූපත් ජනශූන්‍ය වන අතර චීනය එම දූපත දියාවූ යනුවෙන් හඳුන්වයි. 

ඉකුත් දා පැවැති මෙම යුද අභ්‍යාසයට යුද භටයන් 3,100 ට ආසන්න පිරිසක් සහභාගී වී ඇති අතර යුද ටැංකි සහ සන්නද්ධ රථ 45ක්, කාලතුවක්කු 54ක් භාවිත කර තිබිණි. මෙම යුද අභ්‍යාසය පැය දෙකක් මුළුල්ලේ පැවැත්වුණු බව ද ජැපෑන් ටයිම්ස් පුවත්පත වාර්තා කර තිබිණි. 

කාලතුවක්කු සඳහා යෙන් මිලියන 780ක් වටිනා ජීව උණ්ඩ ටොන් 43ක් පමණ භාවිත කර ඇත. එමෙන්ම මෙම යුද අභ්‍යාසයට ප්‍රහාරක හෙලිකොප්ටර් යානා ද යොදාගෙන තිබේ. මේ අතර මෙම යුද අභ්‍යාසය යුටියුබ් ඔස්සේ සජීවීව විකාශය කර තිබිණි. 

ANI

Classified_Ad

Classified_Ad_News_Bottom