ඉන්දියාවට අලුත් දේවතාවියක වැඩලා - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Classified_Ad_News_Top

May 28, 2021

ඉන්දියාවට අලුත් දේවතාවියක වැඩලා

ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයේ හින්දු කෝවිලකට, ‘කොරෝනා දේවි’ යනුවෙන් නම් කළ අලුත් දේවතාවියක වැඩ සිටින බවත්, ඇය වෙනුවෙන් පුද පූජා පැවැත්වීම ආරම්භ වී ඇති බවත් ඉන්දීය මාධ්‍ය උපුටා දක්වමින් රොයිටර් පුවත් සේවය පවසයි. 

මෙම කොරෝනා දේවතාවිය, වැඩ සිටින්නේ ඇත්තේ තමිල්නාඩුවේ කොයිම්බටෝර් නුවර, කමට්චිපූරි අධිනාම් හින්දු කෝවිලේ යැයි රොයිටර් පුවත් සේවය වැඩි දුරටත් වාර්තා කර තිබේ. 

තවමත් ලොව දෙවැනියට වැඩිම ආසාදිතයන් ඉන්දියාවෙන් වාර්තා වන අතර, ඉන්දියාවේ සෑම ප්‍රාන්තයක්ම කොරෝනා වයිරසයෙන් දරුණු ලෙස බැටකන බව වාර්තා වේ. ඒ අතර තමිල්නාඩු ප්‍රාන්තය ද ඇති අතර, ප්‍රාන්ත රජය සෞඛ්‍ය අංශ ලබා දුන් උපදෙස් පිළිපඳිමින් ප්‍රාන්තය ලොක්ඩවුන් කර තිබේ. 

කෝවිලේ පූජකයන්, ‘කොරෝනා දේවි’ නමින් නම් කළ නව දේවතාවියගේ පිළිම දෙකක් කොයිම්බටෝර් හින්දු කෝවිලේ ඇත. සංචරණ තහංචිවලට පිටුපාමින්, තමන් කොරෝනා රෝගයෙන් ආරක්ෂා කර දෙන්නැයි ඉල්ලමින් සහ කන්නලව් කරමින්, කොයිම්බටෝර් වැසියන් ‘කොරෝනා දේවි’ ඉදිරියට පැමිණෙන බවත්, පූජා වට්ටි සඳහාත්, පඩුරු වශයෙනුත් මුදල් කෝවිලේ පූජකයන්ට මුදල් ලබා දෙන බවත් වාර්තා වේ. 

කමට්චිපූරි අධිනාම් කෝවිලට පෙළ ගැසෙන ජනතාවගේ විශ්වාසය, කොරෝනා වසංගතය පාලනය කිරීමට ‘කොරෝනා දේවි’ කටයුතු කරනු ඇති බවය. 

ගතවුණු පැය 24 ඇතුළත, ඉන්දියාවෙන් වාර්තා වූ නව ආසාදිතයන් ගණන 2,11,298 කි. සෞඛ්‍ය අංශවලට අනුව ආසාදිතයන් හමුවීම තරමක අඩුවක් පෙන්නුම් කර ඇත. 

පසුගිය සති කිහිපයේ ආසාදිතයන් වාර්තා වූයේ ලක්ෂ 3 ත් 4 ත් අතරේය. ගතවුණු පැය 24 ඇතුළත ඉන්දියාවෙන් මරණ 3,847 ක් වාර්තා විය. ඉන්දියාවේ මේ වනවිට සමස්ත ආසාදිතයන් ගණන මිලියන 27.37 ක් තෙක් ඉහළ ගොස් තිබේ. සෞඛ්‍ය අමත්‍යාංශය නිකුත් කළ දත්ත අනුව, ඉන්දියාවේ සමස්ත මරණ ගණන 3,15,235 කි.

රොයිටර්

Classified_Ad

Classified_Ad_News_Bottom