මුහුදු යන්නේ බලාගෙනයි - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Classified_Ad_News_Top

May 14, 2021

මුහුදු යන්නේ බලාගෙනයි

ගිනිකොණ දිග අරාබි මුහුද ආශ්‍රිතව වර්ධනය වී ඇති අඩුපීඩන කලාපය තවදුරටත් වර්ධනයවීමේ හැකියාව පවතින බැවින් ඒ ආශ්‍රිත මුහුදු කලාපයේ ධීවර සහ නාවුක කටයුතුවල නොයෙදෙන ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු අගවා තිබේ. 

ඉදිරි පැය 24 තුළ කන්කසන්තුරයේ සිට මන්නාරම, කොළඹ, ගාල්ල සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වන මුහුදු තීරයේ වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පෙන්වා දෙයි. 

දිවයින වටා මුහුදු ප්‍රදේශවල සුළං නිරිත දෙසින් හමා එන බවත් කන්කසන්තුරය සිට මන්නාරම හරහා කොළඹ දක්වා වන මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය පැ.කි.මී 60ත් 70ත් දක්වා වැඩිවිය හැකි බව ද පැවැසෙයි. 

එහෙයින්, කන්කසන්තුරය සිට මන්නාරම හරහා කොළඹ දක්වා වන මුහුදු ප්‍රදේශවල ධීවර සහ නාවුක කටයුතුවල නොයෙදෙන ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අවවාදාත්මක නිවේදනයක් ද නිකුත් කර තිබේ. 

කොළඹ සිට ගාල්ල හරහා හම්බන්තොට දක්වා වන මුහුදු ප්‍රදේශවල ධීවර සහ නාවුක කටයුතු නිරතවීමේදී ද කල්පනාකාරී වන්නැයි පවසා තිබේ.

Classified_Ad

Classified_Ad_News_Bottom