කාබන් විමෝචනය වැඩිම රට චීනයයි - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Classified_Ad_News_Top

May 14, 2021

කාබන් විමෝචනය වැඩිම රට චීනයයි

චීනය පිට කරන හරිතාගාර වායු ප්‍රමාණය (කාබන් විමෝචනය) ලෝකයේ සියලුම සංවර්ධිත රටවල් ඒකාබද්ධව පිට කරන හරිතාගාර වායු ප්‍රමාණයට වඩා වැඩි යැයි නවතම වාර්තාවකින් අනාවරණය වී ඇත. 

රෝඩියම් කණ්ඩායම සිදු කරන ලද පර්යේෂණයකට අනුව ලෝකය පිට කරන ලද හරිතාගාර වායු ප්‍රමාණයෙන් සියයට 27ක් නිකුත් කර ඇත්තේ චීනය යි. රෝඩියම් පර්යේෂණ ආයතනයට අනුව ඇමෙරිකාව පිට කර ඇති හරිතාගාර වායු ප්‍රමාණය සියයට 11 කි. එහි තෙවැනි තැන සිටින්නේ ඉන්දියාව යි. 

ඉන්දියාව නිකුත් කර ඇති හරිතාගාර වායු ප්‍රමාණය සියයට 6.6කි. ඇමෙරිකා එක්සත් ජනපදයේ සහ චීනයේ එකඟතාවයකින් යුතුව දේශගුණික විපර්යාස වැළැක්වීම අපහසු යැයි විද්‍යාඥයෝ අනතුරු අඟවති. චීනයෙන් පරිසරයට නිකුත් වන හරිතාගාර වායු ප්‍රමාණය පසුගිය දශක තුනක කාලයේ දී තුන් ගුණයකින් වැඩි වී ඇතැයි රෝඩියම් පර්යේෂණ ආයතනය සඳහන් කරයි. 

රෝඩියම් යනු ඇමෙරිකා එක්සත් ජනපදය කේන්ද්‍ර කරගෙන පිහිටි පර්යේෂණ ආයතනයකි. ආසියාවේ බලවතා වන චීනය ලොව වැඩිම ජනගහනයක් සිටින රට ද වේ. එම නිසාම ඒක පුද්ගල වායු විමෝචනය අතින් චීනය ඇමෙරිකාවට පසුපසින් පසුවෙයි. කෙසේ නමුත් එම වායු විමෝචනය ද වැඩි වී ඇතැයි පර්යේෂකයෝ පෙන්වාදෙති. පසුගිය දශක දෙකක කාලයේ දී එම වායු විමෝචනය ද තුන් ගුණයකින් වැඩි වී ඇත. 

වසර 2060 වනවිට හරිතාගාර වායු විමෝචනය අවම කිරීමට චීනය අවධාරණය කර ඇත. කෙසේ නමුත් චීනයේ හරිතාගාර වායු විමෝචනය 2030 කලියෙන් උච්ඡතටම අවස්ථාවට පැමිණෙන්නේ නැතැයි පර්යේෂකයෝ පෙන්වාදෙති. 

ඇමෙරිකා එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩන් සංවිධානය කළ දේශගුණික සමුළුව ඉකුත් මාසයේ දී පැවැත්විණි. සිය පොරොන්දුව ඒ අයුරින්ම ඉටු කරන බව එම සමුළුව ඇමතූ චීන ජනාධිපති ෂී ජින්පින්ග් පැවැසීය.

“මනුෂ්‍ය වර්ගයාට බෙදාහදාගත් අනාගතයක් සහිත ප්‍රජාවක් ගොඩනැගීමේ අපගේ වගකීමත් තිරසර සංවර්ධනය සුරක්ෂිත කිරීමේ අපගේ අවශ්‍යතාවත් වෙනුවෙන් අපි මෙම උපායමාර්ගික තීරණය ගත්තා” යැයි චීන ජනාධිපතිවරයා එහිදි පැවැසීය. කෙසේ නමුත් චීනය ගල් අඟුරු මත විශාල වශයෙන් යැපෙයි. 

චීනය වර්තමානය වනවිට ගල් අඟුරු බලාගාර 1,058ක් පවත්වාගෙන යන අතර එය ලෝකයේ ගල් අඟුරු බලාගාර ධාරිතාවයෙන් අඩකටත් වඩා වැඩි ය. වසර 2015 දී අත්සන් තබන පැරිස් සම්මුතියට අනුව ලොව රටවල් 197ක් ගෝලීය උෂ්ණත්වය සෙල්සියස් අංශකට දෙකට වඩා අඩු අගයක පවත්වාගෙන යෑමට පොරොන්දු විය. කෙසේ නමුත් ලෝකය එම ඉලක්කයට ළඟා වීමට බොහෝ ඈතින් සිටියි. 

BBC

Classified_Ad

Classified_Ad_News_Bottom