ඉන්දුනීසියාවට ඔබ්බෙන් භූමිකම්පාවක් - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

May 14, 2021

ඉන්දුනීසියාවට ඔබ්බෙන් භූමිකම්පාවක්

බය වෙන්න දෙයක් නෑ: සුනාමි අනතුරක් නෑ 

ඉන්දුනීසියාවට අයත් සුමාත්‍රා දූපතට ඔබ්බෙන් මුහුදු පතුලේ රික්ටර් පරිමාණයේ ඒකක 6.6 ක් සටහන් කළ ප්‍රබල භූමි කම්පාවක් හට ගත්තේය. භූමි කම්පාවේ අපිකේන්ද්‍රය සටහන් වූයේ කිලෝ මීටර් 10 ක් මුහුදු පතුළේය. 

භූමි කම්පාවත් සමඟ සුනාමියක් ගැන බියක් හටගත් නමුත් භූකම්පන විශේෂඥයන් තහවුරු කළේ භූමි කම්පාව හේතුවෙන් සුනාමික් හට ගැනීමේ අවස්ථාවක් නොමැති බවය. 

විද්‍යාඥයන් එසේ පැවැසුවේ භූමි කම්පාව හටගත් ගැඹුර සහ එහි ප්‍රබලත්වය සැලකිල්ලට ගනිමිනි. 2004 වසරේ අප ශ්‍රී ලංකාවට පවා බලපෑම් ඇති කළ බිහිසුණු සුනාමිය නිර්මාණය වූයේ ද ඉන්දුනීසියාවට ඔබ්බෙන් මුහුදු පතුළේ හටගත් අති ප්‍රබල භූමි කම්පාවක් හේතුවෙනි. 

එම භූමි කම්පාව, රික්ටර් පරිමාණයේ ඒකක 9.1 ක් සටහන් කළේය. එම බිහිසුණු සුනාමියට හසුවීමෙන් මියගිය ගණන 2,20,000 ට වඩා වැඩිය. එයින්, 1,70,000 ක් ඉන්දුනීසියානුවන්ය.

ඉන්දුනීසියාව පිහිටා ඇත්තේ 'ගිණි වළල්ල' යන නමින් හැඳින්වෙන භූ තැටි මායිමකට ඉහළිනි. එහෙයින්, භූමි කම්පා හට ගැනීම බහුලව සිදුවෙයි. 

රොයිටර්

Classified_Ad