චීනයට අභියෝග කරන්න පසුබට නෑ - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Classified_Ad_News_Top

May 18, 2021

චීනයට අභියෝග කරන්න පසුබට නෑ

චීනයේ බලහත්කාරී වෙළෙඳ ක්‍රියාකාරකම් අභියෝගයට ලක් කිරීමට පසුබට නොවන බව ඇමෙරිකා එක්සත් ජනපදයේ වෙළෙඳ නියෝජිත කැතරින් ටායි ඉකුත් දා ප්‍රකාශ කළා ය. 

 ඇමෙරිකා එක්සත් ජනපදය තරගකාරීත්වය පළිගන්නා බවත් එසේ වුවත් තරගකාරීත්වය සාධාරණ විය යුතු යැයි ද ඇය කීවාය. 

බයිඩන් පරිපාලනයේ වෙළෙඳ ප්‍රතිපත්ති න්‍යාය සම්බන්ධයෙන් කොංග්‍රස් කමිටුවක් ඉදිරියේ කරුණු ඉදිරිපත් කරමින් ඉකුත් බ්‍රහස්පතින්දා ඇය එම කරුණු සඳහන් කළාය. 

 “ඇමෙරිකා එක්සත් ජනපද සේවකයන්ට හානිකරන, හානිදායක, බහුපාර්ශවීය පද්ධතියට බලපෑම් එල්ල කරන හෝ මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝණය කරන චීනයේ බලහත්කාරී සහ අසාධාරණ වෙළෙඳ භාවිත අභියෝගයට ලක් කිරීමට අපි පසුබට වන්නේ නැහැ. චීනය සමඟ පවතින අපේ වෙළෙඳ සහ ආර්ථික සම්බන්ධතා සඳහා ශක්තිමත් හා උපායමාර්ගික ප්‍රවේශයක් ඇති කරගැනීමට අපි කටයුතු කරමින් ඉන්නවා” යැයි ටායි ප්‍රකාශ කළාය. 

“අපි තරගකාරීත්වය පිළිගන්නවා. එහෙත් එම තරගාකරීත්වය සාධාරණ වෙන්න අවශ්‍ය යි. චීනයට ජාත්‍යන්තර රීති, සම්මත සහ පිළිවෙත් අනුව ක්‍රියාකරන්න බැරි නම් සියලු දෙනාට සාර්ථක විය හැකි සාධාරණ සහ සමාන අවස්ථා ඇති තත්ත්වයක් නිර්මාණය කිරීම සඳහාත් අපගේ හැකියා සහ සම්බන්ධතා වැඩිදියුණු කිරීමටත් අපි ශක්තිමත්, නිර්මාණාත්මක සහ එඩිතර ක්‍රියාමාර්ග ගන්නවා” යැයි ද ඇය වැඩිදුරටත් කීවාය. 

ඇමෙරිකා එක්සත් ජනපදයේ හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ධුරය දරන සමයේ චීනය, ඇමෙරිකානු පාලනය සමඟ ඇති කරගත් ගිවිසුම්, පොරොන්දු යනාදිය සම්බන්ධයෙන් බයිඩන් පරිපාලනය තවමත් නිශ්චිත ප්‍රතිචාරයක් නොදැක්වීමත් චීනය අදාළ කරුණු සම්බන්ධයෙන් පළ කර ඇති අනුකූලතාව සම්බන්ධයෙන් බයිඩන් පරිපාලනය තවමත් විමසා බලමින් සිටින නිසාත් මෙම නව අර්බුදය නිර්මාණය වී තිබේ. 

“අපි ඉන්නේ කාර්යසාධනය සහ ක්‍රියාකාරීත්වය විමසා බැලීමේ ක්‍රියාවලියේ. ඔවුන් පොරොන්දු වූ කර තිබෙනවා ද? ඒවායේ මට්ටම් මොනවාද ? තවත් කළ යුතුව ඇති දේ මොනවාද ? ඔවුන් කර නැත්තේ මොනවාද ? යනාදි සියලු පැති අපිට බලන්න වෙනවා. මේවා අපි සියුම්ව පරීක්ෂා කරනවා” ටායි මීට පෙර අවස්ථාවකදී ප්‍රකාශ කර තිබිණි. 

ANI

Classified_Ad

Classified_Ad_News_Bottom