ලෝක බැංකුවෙන් ඔක්සිජන් යන්ත්‍ර - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Classified_Ad_News_Top

May 28, 2021

ලෝක බැංකුවෙන් ඔක්සිජන් යන්ත්‍ර

ශ්‍රී ලංකාවේ ‘කොවිඩ්-19’ ප්‍රතිකාර මධ්‍යස්ථානවල භාවිතය සඳහා අවශ්‍ය වන ඉහළ-ප්‍රවාහ ඔක්සිජන් යන්ත්‍ර (හයි-ෆ්ලෝ ඔක්සිජන් මැෂීන්) සහ සිරින්ජර් පොම්ප භාරදීම ඉකුත් දා සිදු කෙරුණි. 

‘කොවිඩ්-19’ වසංගතයට එරෙහිව ලෝක බැංකුවේ ව්‍යාපෘතිවල එක් අංගයක් වශයෙන් මෙම උපකරණ භාරදෙන ලද අතර මෙම තොගය එලෙස ලබාදෙන උපකරණවල පළමු තොගයයි. එක්සත් ජාතීන්ගේ ව්‍යාපෘති සේවා සඳහා සංවිධානයේ මූලිකත්වයෙන් මෙම යන්ත්‍ර සහ සිරින්ජර් පොම්ප ලබාදීම සිදු කෙරුණි. 

අදාළ ව්‍යාපෘතිවල වටිනාකම ඇමෙරිකානු ඩොලර් මිලියන 6.4ක් වන අතර මෙම සමස්ත ව්‍යාපෘතිය යටතේ වන ඔක්සිජන් ආශ්‍රිත ‘කොවිඩ්-19’ උපකරණ සඳහා වන වැයවන මුළු මුදල ඇමෙරිකානු ඩොලර් මිලියන 2 ඉක්මවන බව ට ගණන් බලා ඇත. 

වසංගතයට ප්‍රතිචාර දැක්වීම වෙත සහය ලබාදීම සඳහා ජීවිත-සුරකින උපකරණ සැපයීම අඛණ්ඩව සිදුකිරීමට පියවර ගන්නා බව ද එක්සත් ජාතීන්ගේ ව්‍යාපෘති සේවා සඳහා සංවිධානය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි. සිරින්ජර් පොම්ප සහ ඉහළ-ප්‍රවාහ ඔක්සිජන් යන්ත්‍ර වල ඉතිරි කොටස ලබාදීම කඩිනමින් සිදු කෙරෙන බව ද එම සංවිධානය කියයි.

බෙහෙවින් අත්‍යවශ්‍ය උපකරණ වන බී.අයි.පී.ඒ.පී.(BIPAP)යන්ත්‍ර, නවජ සංවාතක (neonatal ventilator), සහ ජංගම සංවාතක ආදිය ද සෞඛ්‍ය අමාත්‍යාංශයට දක්වන සහයෝගයක් ලෙස කඩිනමින් ලබාදෙන බව එම සංවිධානය තවදුරටත් සඳහන් කරයි. 

සෞඛ්‍ය ඇමතිනී පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය, ලෝක බැංකුවේ ව්‍යාපෘති අධ්‍යක්ෂ ආචාර්ය ජයසුන්දර බණ්ඩාර, ජෛව වෛද්‍ය සැපයුම් සහ වෛද්‍ය සැපයුම් අංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ-ජෙනරාල් ජනප්‍රිය කරුණාතිලක මහතා එක්සත් ජාතීන්ගේ ව්‍යාපෘති සේවා සඳහා සංවිධානයේ ශ්‍රී ලංකාවේ කළමනාකරු වන සුධීර් මුරලිදරන් මහතා ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

Classified_Ad

Classified_Ad_News_Bottom