චීනයේ මිලියන 400 කට එන්නත් ලැබිලා - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Classified_Ad_News_Top

May 24, 2021

චීනයේ මිලියන 400 කට එන්නත් ලැබිලා

චීනය මේ මස මැද වනවිට එරට ජනගහනයෙන් මිලියන 400කට එන්නත් මාත්‍රා ලබා දී අවසන් කර ඇතැයි එරට ජාතික සෞඛ්‍ය කොමිසම පවසයි.

‘කොවිඩ්-19’ වසංගතයට එරෙහිව චීනය එරට ජනතාවට එන්නත ලබාදීම වේගවත් කර තිබෙන අතර මිලියන 300කට එන්නත ලබා දී දින නවයක් ගත වනවිට තවත් මිලියන 100කට එන්නත ලබාදීමට හැකි වූ බව එම කොමිසම කියයි. 

ඒ අනුව මැයි මස 16 වැනිදා වනවිට චීනය එන්නත ලබා දී ඇති සමස්ත ජනගහනය මිලිවන 400 ඉක්මවීය. චීනයට මිලියන 200 සිට මිලියන 300 දක්වා, එනම් තෙවැනි මිලියන 100ට ‘කොවිඩ්-19’ එන්නත් මාත්‍රාව ලබාදීමට ගත වී ඇත්තේ දින 17ක් පමණි. 

ජාතික සෞඛ්‍ය කොමිසමේ දත්තවලට අනුව චීනයට දෙවැනි එන්නත් මාත්‍රා මිලියන 100 (මිලියන 100 සිට මිලියන 200) දක්වා ලබාදීමට ගත වී ඇත්තේ දින 26ක් පමණි. 

ෂිංහුවා පුවත් සේවය ඇසුරිනි

Classified_Ad

Classified_Ad_News_Bottom