කොරෝනා සුලමුල පිළිබඳ වාර්තාවක් ඕනෑ - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Classified_Ad_News_Top

May 27, 2021

කොරෝනා සුලමුල පිළිබඳ වාර්තාවක් ඕනෑ

'කොවිඩ් 19' හෙවත් නව කොරෝනා වයිරසයේ මූලාරම්භය පිළිබඳ සවිස්තරාත්මක වාර්තාවක් දින 90 ක් ඇතුළත තමන්ට ලබා දෙන්නැයි ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන් එරට සී.අයි.ඒ ඇතුළු බුද්ධි අංශ ප්‍රධානීන්ට පවසා ඇත. 

'කොවිඩ් 19' වයිරසයේ ආරම්භය සිදුවූයේ චීනයේ වූහාන් නුවරිනි. වූහාන් නුවර, චීන රජයට අයත් වයිරස රසායනාගාරයක් ද ඇත. මෙය ආසියාවේ විශාලතම වයිරස බැංකුව ලෙස ද හැඳින්වෙයි. 

කොරෝනා වයිරස රැසක් මෙම රසායනාගාරයේ ගබඩා කර ඇත්තේ පර්යේෂණ සඳහාය. එසේ පර්යේෂණවලට යොදා ගත් වයිරසයක් රසායනාගාරයෙන් කන්දු වී ලොව එය ව්‍යාප්ත වන්න ඇති බවට ඇමෙරිකන් බුද්ධි අංශ මීට පෙර අනාවරණය කළේය. 

කෙසේ නමුත් පසුගිය දා අනාවරණය වුණු නවතම වාර්තාවක සඳහන් වූයේ වූහාන් නුවරින් කොරෝනා වයිරස ව්‍යාප්තිය ආරම්භයට පෙර, වූහාන් රසායනාගාරයේ වෛද්‍ය පර්යේෂකයන් කීප දෙනකු රෝගී වී ප්‍රතිකාර ලැබූ බවය.

'කොවිඩ් 19' වයිරසයේ සුලමුල ගැන තවමන්ට පැහැදිලි වාර්තාවක් අවශ්‍ය බව ඇමෙරිකන් ජනාධිපතිවරයා එරට බුද්ධි අංශවලින් ඉල්ලා සිටියේ මෙම සිදුවීම සැලවීම මුල්කොට ගනිමින් යැයි විදෙස් පුවත් සේවා පැහැදිලි කරයි.

CNN

Classified_Ad

Classified_Ad_News_Bottom