කොන්සියුල සේවා සීමා කෙරේ - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Classified_Ad_News_Top

May 5, 2021

කොන්සියුල සේවා සීමා කෙරේ

රටේ පවතින කොවිඩ්-19 තත්ත්වය හේතුවෙන් සෞඛ්‍ය බලධාරීන් නිකුත් කරනු ලැබූ සෞඛ්‍ය මාර්ගෝපදේශවලට අනුකූලව, විදේශ අමාත්‍යාංශයේ කොන්සියුලර් අංශය විසින් සිය මෙහෙයුම් කාලය සීමා කළ බව එම අමාත්‍යාංශය නිවේදනය කර තිබේ. 

ඒ අනුව සතියේ දිනවල දී දිනපතා පෙ.ව. 7.30 සිට ප.ව. 1.00 දක්වා පමණක් එම කොන්සියුලර් සේවාවන් සීමා කළ බවද විදේශ අමාත්‍යාංශය කියා සිටී. 

ඉදිරි සතිවල දී කොන්සියුලර් අංශය හදිසි හා සාධාරණ අවශ්‍යතා ඇති අය වෙනුවෙන් සිය සේවාවන් සඳහා ප්‍රමුඛතාවය ලබා දෙන බවද අමාත්‍යාංශය සඳහන් කරයි. 

තවද විදේශගත ශ්‍රී ලාංකිකයින්ගේ මරණ සහ අපනයන ලියකියවිලි හා අදාළ සහතික සහතික කිරීම හැරුණු විට, වෙනත් කොන්සියුලර් සේවා සපයනු ලබන්නේ කළින් වේලාව වෙන්කර ගැනීම මඟින් පමණක් වන බැවින් එලෙස වේලාවක් වෙන් කර ගැනීම සඳහා 011 2335942, 011 2338836 සහ 011 2338812 හෝ consular@mfa.gov.lk විද්‍යුත් තැපෑල මඟින් කොන්සියුලර් අංශය අමතන්නැයිද විදේශ අමාත්‍යාංශය කියා සිටී.

Classified_Ad

Classified_Ad_News_Bottom