PCR නාස් කූරු යළි භාවිතයට අරන් - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Classified_Ad_News_Top

May 5, 2021

PCR නාස් කූරු යළි භාවිතයට අරන්

PCR සහ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ සඳහා භාවිතයට ගන්නා නාස් කූරූ, සෝදා යළි භාවිතයට ගත් ඉන්දුනීසියානු රජයට අයත් ඖෂධ සමාගමක සේවකයන් පස් දෙනකු සහ එහි කළමණාකරු අත්අඩංගුවට ගත් බව එරට පොලිසිය කියයි. 

භාවිතයට ගන්නා ලද එම නාස් කූරු සෝදා පිරිසුදු කර ඒවා යළි පරීක්ෂණ කට්ටලවලට ඇතුළත් කිරීමටත් ඒවා පුද්ගලික මට්ටමින් අලෙවි කිරීමටත් අත්අඩංගුවට ගත් පිරිස කටයුතු කර ඇතැයි සිදු කළ විමර්ශනවලින් අනාවරණය වූ බව පොලිසිය වැඩි දුරටත් කියා සිටී. 

PCR සහ ඇන්ටිජන් පරීක්ෂණ සඳහා යොදා ගන්නා නාස් කූරු යළි භාවිතයට ගෙන ඇත්තේ ඉන්දුනීසියාවේ මෙඩාන් නුවර කෝලානාමූ ගුවන්තොටුපොළේ, ඉන්දුනීසියා රජයට අයත් 'කිමියා ෆර්මා' ඖෂධ සමාගමේ සේවකයන් සහ කළමණාකාරවරයාය. 

සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ සිදු කරන පොලිසිය පවසන්නේ, ඖෂධ සමාගමේ කළමණාකරු සහ සේවකයන් මෙසේ PCR කූරු යළි භාවිතයට ගැනීමේ ජාවාරම සිදු කර ඇත්තේ පසුගිය දෙසැම්බරයේ සිට බවය. ඉන්දුනීසියා ගුවන් මගීන් පී.සී.ආර්. පරීක්ෂණවලට යොමු වීම අනිවාර්ය වේ. 

රට අභ්‍යන්තර ගුවන් ගමන් සඳහා ගුවන්තොටුපොළට පැමිණි මගීන් 10,000 කට වැඩි පිරිසක් සඳහා භාවිතයට ගෙන ඇත්තේ මෙසේ වරක් භාවිතයට ගෙන යළි පිරිසුදු කළ නාස් කූරුය. 

ජාවාරම සම්බන්ධයෙන් තොරතුරු දැනගත් සැණින්, පොලිසිය වහා ක්‍රියාත්මක වී, එම සේවක සේවිකාවන් අත්අඩංගුවට ගත් බවත්, 'කිමියා ෆර්මා' ඖෂධ සමාගමට එරෙහිව නීති මගින් කටයුතු කිරීමට පියවර ගත් බවත් ඉන්දුනීසියා සෞඛ්‍ය අමත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් පවසා ඇත.

රොයිටර්

Classified_Ad

Classified_Ad_News_Bottom