ඩේවිඩ් ඇටන්බරෝට සුබ උපන් දිනයක් - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Classified_Ad_News_Top

May 8, 2021

ඩේවිඩ් ඇටන්බරෝට සුබ උපන් දිනයක්

සොබාදහමේ සුන්දරත්වය ලොවට කියා දෙමින්, සොබාදහම රැක ගැනීමට වෙහෙසන ස්වභාවවේදියෙකු මෙන්ම රූපවාහිනී වැඩසටහන් ඉදිරිපත්කරන්නකු සහ නිවේදකයකු ද වන ශ්‍රීමත් ඩේවිඩ් ඇටන්බරෝ අද (8) 95 වැනි උපන් දිනය සමරයි. 

ඩේවිඩ් ඇටන්බරෝ බ්‍රිතාන්‍ය වැසියන්ගේ  ජාතික සම්පතක් යැයි කීවොත් එය නිවැරදිය. දෙවැනි එලිසබත් මහ රැජින ඔහුට නයිට් පදවියක් ද පුදමින්, සොබා දහම වෙනුවෙන් ඉටු කළ සහ ඉටු කරමින් සිටින මෙහෙවර ඇගැයීමට ලක් කර ඇත්තේ ඒ නිසාය. ඩේවිඩ් ඇටන්බරෝ බ්‍රිතාන්‍ය රජ පවුලේ සාමාජිකයන්ගේ ගෞරවයට පාත්‍ර වූ විශිෂ්ට චරිතයකි.
පසුගිය වසර 50 ක කාලය පුරා සොබාදහමේ අරුමය අපට කියා දෙමින්,  ලොව සෑම අස්සකටම මුල්ලකටම සංචාරය කළ මේ අපූරු මිනිසා ඉදිරිපත් කළ වාර්තාමය වැඩසටහන් සහ වාර්තාමය චිත්‍රපට ලොකු කුඩා කාගේත් ආදරයටත් පැසැසුමටත් ලක් වී ඇති අතර ඒවා අන්තර්ජාතික වශයෙන් සම්මාන උලෙළවලදී ඇගැයීමට ද ලක් වී තිබේ.

වාර්තා වැඩසටහන් නිෂ්පාදකයකු ලෙසත් වැඩසටහන් ඉදිරිපත් කරන්නකු ලෙසත්, පරිසරවේදියකු ලෙසත් ඩේවිඩ් ඇටන්බරෝ ට හිමිවුණු ගෞරව සම්මාන බෙහොමයකි.

ඇටන්බරෝ BBC ය සමඟ එක් වෙමින්, 'සූ ක්වෙස්ට්' වැඩසටහන් මාලාව ආරම්භ කළේය. ඒ 1952 වසරේ දීය. එහි ජනප්‍රියත්වයත් සමඟ BBC2 නාළිකාවේ වැඩසටහන මෙහෙයුම් ප්‍රධානියා ලෙසත් BBC Television නාළිකාවේ වැඩසටහන් අධ්‍යක්ෂවරයා බවටත් පත්විය. 
එසේ නමුත්, ඇටන්බරෝ යළි වැඩසටහන් නිෂ්පාදනයට යොමු වූයේ 1970 දශකයේය. එසේ නිෂ්පාදනය වූ වාර්තා වැඩසටහන් අතරින්, 'ලයිෆ් ඔන් අර්ත්', 'ප්ලැනට් අර්ත්', 'ද බ්ලූ ප්ලැනට්' ආදී වැඩසටහන් කැපී පෙනෙයි. 

ඩේවිඩ් ඇටන්බරෝ උපත ලබා ඇත්තේ 1926 මැයි 8 වැනිදා බ්‍රිතාන්‍යයේ අයිස්ල්වර්ත්හිදීය. ඇටන්බරෝ විවාහ වී සිටියේ ජේන් එලිසබත් සමඟය. විවාහය සිදුවූයේ 1950 දීය. ජේන් එලිසබත් 1997 දී මියගියාය. ඇටන්බරෝ ට පුතෙක් සහ දියණියක් සිටිති.

රූපවාහිනී වැඩසටහන් නිවේදකයකු සහ නිෂ්පාදකවරයකු පමණක් නොව, ඇටන්බරෝ පරිසරය ගැනත්, තමන් සොබා දහමය සොයා ගිය විස්මිත වික්‍රම පිළිබඳවත් පොත් රැසක් ද රචනා කර තිබේ. ඒ අතරින් 'අ ලයිෆ් ඔන් අවර් ප්ලැනට්' කැපී පෙනෙයි.

'අ ලයිෆ් ඔන් අවර් ප්ලැනට්' නමින් විකාශනය වූ වැඩසටහන් පෙළට පාදක වන්නේ දශක ගණනාවක් තිස්සේ ඇටන්බරෝ මිහිමත පරිසරයේ අරුමය ලොවට පෙන්වා දුන් ආකාරයයි. 'අ ලයිෆ් ඔන් අවර් ප්ලැනට්' හරහා අනාගතයේ ලොවට කුමක් සිදුවේවිද? පරිසරය සහ සතුන් රැක ගත යුත්තේ ඇයි? ආදී ප්‍රශ්නවලට ඇටන්බරෝ පිළිතුරු දෙයි.
දෙවැනි එලිසබත් මහ රැජින හමුවෙමින් ...
යොවුන් පරිසර ක්‍රියාකාරිනියක වන ග්‍රෙටා තන්බර්ග් හමුවුණු අවස්ථාවක් ...

ඩේවිඩ් ඇටන්බරෝගේ බාල සොයුරු රිචඩ් ඇටන්බරෝ අද ජීවතුන් අතර නැත. ඔහු ප්‍රකට සම්මානනීය අධ්‍යක්ෂවරයෙකි. නළුවෙකි. ස්ටීවන් ස්පීල්බර්ග් අධ්‍යක්ෂණය කළ 'ජුරාසික් පාර්ක්' චිත්‍රපටයේත්, 'ලොස්ට් වර්ල්ඩ්' චිත්‍රපටයේත් රිචඩ් ඇටන්බරෝගේ රංගනය දකින්න ලැබේ. 

ඩේවිඩ් ඇටන්බරෝගේ වැඩිමල් සොයුරු ජෝන් ද අද ජීවතුන් අතර නැත. ජෝන් ඇටන්බර්ග් මෝටර් රථ විධායක නිලධාරියෙකි. මූල්‍ය කටයුතු පිළිබඳ උපදේශකවරයෙකි. 
පසුගිය දශක ගණනාව පුරාවට සත්ව විද්‍යාඥයන් විසින් අලුතින් සොයා ගනු ලැබූ සත්ව විශේෂ 20 කට වඩා වැඩි ප්‍රමාණයකට ඇටන්බරෝගේ නම යොදා තිබේ. ඒ, ඔහුට කරන ගෞරවයක් වශයෙනි.

BBC

Classified_Ad

Classified_Ad_News_Bottom