ෆ්‍රැන්ක්ෆර්ට් රාමදාන් සැමරුම - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Classified_Ad_News_Top

May 27, 2021

ෆ්‍රැන්ක්ෆර්ට් රාමදාන් සැමරුම

ශ්‍රී ලාංකිකයන්ගේ සංස්කෘතික විවිධත්වය සහතික කරමින් ප්‍රධාන ආගමික අවස්ථාවන්හි දී සියලු ප්‍රජාවන් එකට එක් කිරීමට ෆ්‍රෑන්ක්ෆර්ට් ඇම් මේන් හි ශ්‍රී ලංකා කොන්සල් කාර්යාලය කැප වී සිටින බව කොන්සල් ජනරාල් මදුරිකා ජෝශප් වෙනින්ගර් මහත්මිය සදහන් කළාය. 

ඇය මේ බව සදහන් කළේ ශුද්ධ වූ රාමසාන් මාසය අවසානයේ දී, ෆ්‍රෑන්ක්ෆර්ට් ඇම් මේන් හි ශ්‍රී ලංකා කොන්සල් ජනරාල් කාර්යාලය ප්‍රජා නායකයින් කිහිප දෙනෙකුගේ සහ බේඩන් වර්ටම්බර්ග් ෆෙඩරල් ප්‍රාන්තයේ නිර්වේතනික ශ්‍රී ලංකා කොන්සල්වරයා හා හෙසන් ෆෙඩරල් ප්‍රාන්තයේ හි වාසය කරන ශ්‍රී ලාංකික මුස්ලිම් ප්‍රජාවගේ සහභාගීත්වයෙන් යුතුව ඊද් උල් - ෆිතර් උත්සවය සැමැරිමට සංවිධානය කර තිබූ උත්සවයකදීය. සිය පිළිගැනීමේ අදහස් දැක්වීමේ දී කොන්සල් ජනරාල් මදුරිකා ජෝශප් වෙනින්ගර් මහත්මිය පැමිණ සිටි සියළුම දෙනාට ‘රාමදාන් මුබාරක්’ යයි සුබ ප්‍රාර්ථනා කළාය. 

රාමදාන් යනු ආවර්ජනය, යාච්ඤාව, පුණ්‍ය කටයුතු, නිරාහාරව සිටීම සහ ප්‍රජාව පිළිබඳ සමය වන අතර, පූජනීය ඊද් දිනය වාසනාව අහිමි අයට උපකාර කිරීම, දෙවියන් කෙරෙහි ඇති විශ්වාසය ශක්තිමත් කිරීම, නමස්කාරයේ යෙදීම සහ සියලු ප්‍රජාවන් සමඟ ඇසුරු කිරීම සඳහා ඔවුන්ගේ කැපවීම අලුත් කර ගැනීමට ලොව පුරා මුස්ලිම් ප්‍රජාවන්ට අවස්ථාව ලබා දෙන බව ඇය පැවසුවාය. පුරාණ කාලයේ සිටම මුස්ලිම් ප්‍රජාව ශ්‍රී ලංකාවේ ජනගහන වියමනෙහි අනිවාර්ය අංගයක් වූ බව ඇය අවධාරණය කළාය.
ශ්‍රී ලංකාවේ මුස්ලිම් පල්ලි, බෞද්ධ විහාර, හින්දු කෝවිල් සහ ක්‍රිස්තියානි දේවස්ථානඑකිනෙකාගේ ආගම්වලට ගරු කරන අතර දීර්ඝ කාලයක් තිස්සේ සහජීවනයෙන් කටයුතු කර ඇති බවද ඇය සදහන් කළාය. 

සෙයිද් අබ්රාර් ෂා ඉමාම්වරයා ඉස්ලාමීය ආගමික යාච්ඤා පැවැත්වූ අතර, ජර්මනියේ ශ්‍රී ලාංකික මුස්ලිම් ප්‍රජාවගේ පැමිණීම අගය කරමින්, මෙම අභියෝගාත්මක කාලසීමාවේ දී රාමදාන් උත්සවයක් සංවිධානය කිරීම පිළිබඳව කොන්සල් ජනරාල් කාර්යාලයේ කාර්ය මණ්ඩලයට ස්තූතිය පුද කළේය. කොන්සල් ජනරාල් විසින් පවත්වන ලද විශිෂ්ට සාම්ප්‍රදායික ශ්‍රී ලාංකික රාමදාන් ආහාර පාන සංග්‍රහයෙන් අනතුරුව උත්සවය අවසන් විය.

Classified_Ad

Classified_Ad_News_Bottom