හොලිවුඩයේ සුපර් මෑන්, හෙන්රි කැවල් අද 38 වැනි උපන් දිනය සමරයි. හෙන්රි කැවල් ගැන හොඳින් දන්නා අයට නම්, කැවල්ගේ බලු සුරතලා කැල් අමුත්තකු නොවෙයි. උපන් දිනය දා සිය බලු සුරතලා සමඟ ඡායාරූපයක් ඉස්ටග්‍රෑම් හරහා ප්‍රසිද්ධ කිරීමට ද අමතක කැවල් නොකළේය. එම ඡායාරූපය මේ වනවිට බොහෝ දෙනාගේ කතාබහට ලක් වී, කොමෙන්ට්ස් සහ ලයික් වැටී අවසන්ය.
අප හෙන්රි කැවල් යනුවෙන් හැඳින්වුවත්, කැවල්ගේ සම්පූර්ණ නම හෙන්රි විලියම් ඩැල්ග්ලීෂ් කැවල් ය. උපන්නේ 1983 වසරේ මැයි 5 වැනිදාය. හොලිවුඩයේ සුපිරි තරුවක් වුවත්, කැවල් ඉංග්‍රීසි ජාතික රංගන ශිල්පියෙකි.
කැවල් රසික හදවත් දිනා ගත්තේ පුංචි තිරයේ විකාශය වූ 'ද ටියුඩර්ස්' කතා මාලාව හරහාය.
DC චිත්‍රකතා වීරයා සුපර්මෑන්ගේ චරිතයට පණ පොවමින් 'මෑන් ඔෆ් ස්ටීල්' (2013), 'බැට්මෑන් වර්සස් සුපර්මෑන්' (2016) සහ 'ජස්ටිස් ලීග්' (2017) චිත්‍රපට ත්‍රිත්වයට එක් වුණු කැවල් ලොකු කුඩා කාගේත් ප්‍රියතම සුපිරි වීරයා විය.
සුපර් මෑන්ගේ චරිතයට සමුදීමෙන් පසු කැවල් යළි ජනප්‍රිය වූයේ අතිශය ජනප්‍රිය විචර් වීඩියෝ ක්‍රීඩාව ඇසුරින් නිර්මාණය කළ 'නෙට්ෆ්ලික්ස්' නාළිකාවේ 'ද විචර්' පළමු කතා මාලාව හරහාය. එහි දෙවැනි කතා මාලාව ද මේ වනවිට නිර්මාණය වෙමින් පවතී.
2020 වසරේ තිරගත වුණු 'එනෝලා හෝම්ස්' චිත්‍රපටයේ ෂර්ලෝක් හෝම්ස් ලෙස ද කැවල් රංගනයේ යෙදුණි. කැවල් රිදී තිරයට පිවිසියේ 2001 වසරේ 'ලැගුනා' නමැති චිත්‍රපටයෙනි. ඉන්පසු 2002 දී ඔහු 'ද කවුන්ට් ඔෆ් මොන්තේ ක්‍රිස්තෝ' චිත්‍රපටයේ සුළු චරිතයකට එක් විය.
කැවල් ප්‍රධාන චරිත නිරූපණයට එක් වුණු 2011 වසරේ තිරගත වූ 'ඉමෝටල්ස්' සාර්ථක චිත්‍රපටයක් විය. ඉන්පසු 'ද මෑන් ෆ්‍රොම් ද අංකල්' (2015), 'මිෂන් ඉම්පොසිබල් - ෆෝල් අවුට්' (2018) කැවල් රංගනයෙන් එක්වුණු බොක්ස් ඔෆිස් වාර්තා පිහිටුවූ හොලිවුඩ් ක්‍රියාදාම චිත්‍රපටය.
IMDB