ප්‍රතිකාර මධ්‍යස්ථාන ඇඳන් පිරිලා - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

May 2, 2021

ප්‍රතිකාර මධ්‍යස්ථාන ඇඳන් පිරිලා

'අලුත් අවුරුදු කොවිඩ් පොකුර' මතු වීමෙන් පසු එම රෝගීන් සංඛ්‍යාව ඉහළ යෑම නිසා බොහෝ රෝහල් හා ප්‍රතිකාර මධ්‍යස්ථාන වල ඇඳන් සම්පූර්ණයෙන්ම පාහේ පිරී ගොස් ඇතැයි රෝහල් ආරංචිමාර්ග වලින් පැවැසෙයි.

කොවිඩ් රෝගීන්ට ප්‍රතිකාර ලබාදෙන මධ්‍යම පළාතේ රෝහල් පහේ ඇඳන් එක් දහස් දෙසීයම මේ වෙනවිට පිරී ගොස් ඇතැයි මධ්‍යම පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය නිහාල් වීරසූරිය මහතා පැහැදිලි කර තිබේ.

කොවිඩ් රෝගීන්ට ප්‍රතිකාර ලබාදීම සඳහා පළාතේ තවත් රෝහල් එකොළහක් සූදානම් කරගෙන යන බවත් දැනටමත් රෝහල් දෙකක් සූදානම් කර අවසන් බවත් පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයා සදහන් කළේය.

මධ්‍යම පළාතේ සෑම දිස්ත්‍රික්කයකම අලුතින් ඇඳන් දාහක් සූදානම් කරගෙන යන බවද නිහාල් වීරසූරිය මහතා පැවසුවේය. මේ අතර මධ්‍යම පළාතෙන් පෙරේදා (1) වනවිට කොවිඩ් ආසාදිතයන් නම දහස් හාරසිය හැටක් වාර්තා විය.

Classified_Ad