ඉන්දීය විකෘතිය ලංකාවෙන් හමුවෙලා - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Classified_Ad_News_Top

May 9, 2021

ඉන්දීය විකෘතිය ලංකාවෙන් හමුවෙලා

ඉන්දියාවේ පැතිරෙන විකෘති කොරෝනා වයිරස ප්‍රභේදය මේ වනවිට ශ්‍රී ලංකාවෙන් ද හමුවී ඇත. සෞඛ්‍ය අංශ පෙන්වා දෙන ආකාරයට විදේශයකින් පැමිණ නිරෝධායනය වෙමින් සිටියදී, ආසාදිතයකු යැයි තහවුරු වුණු පුද්ගලයකුට මෙම ඉන්දීය වයිරසය ආසාදනය වී තිබෙන බවය. 

එම පුද්ගලයකුගේ ජෛව පටක සාම්පල පරීක්ෂා කිරීමේදී, ඒ බව තහවුරු වුණු බව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආසාත්මිකතා හා ප්‍රතිශක්ති විද්‍යා සහ සෛල ජෛව විද්‍යායතනයේ අධ්‍යක්ෂ, වෛද්‍ය චන්දිම ජීවන්දර මහතා පවසා ඇත. 

ශ්‍රී ලංකාවෙන් ඉන්දීය වයිරසය සොයා ගත් පළමු අවස්ථාව මෙය ලෙස ද සැලකෙයි. 

ඉන්දීය වයිරස විකෘතිය හැඳින්වෙන්නේ B.1.617 යන නමිනි. මේ වනවිට තවත් රටවලින් හමුවුණු විකෘති වයිරස ප්‍රභේද ද මෙරටින් හමුවී තිබේ. 

එසේ හමුවුණු විකෘති ප්‍රභේද වන්නේ, B.1.1.7 (එංගලන්ත විකෘතිය), B.1.428 (ඩෙන්මාර්ක/යුරෝපා සහ මැදපෙරදිග විකෘතිය), B 1.525 (නයිජීරියානු විකෘතිය) සහ B.1.351 (දකුණු අප්‍රිකානු විකෘතිය) ය. ඊට අමතරව මෙරටින් ද මෙරටට ආවේණික වූ විකෘතියක් හමුවී තිබේ. 

ශ්‍රී ලංකා විකෘතිය යනුවෙන් හැඳින්වෙන මෙහි නිල නාමය වන්නේ B.1.411 ය. 

ඉන්දීය කොරෝනා විකෘතිය අසල්වැසි ආසියානු රටවලට ව්‍යාප්ත වෙමින් පවතින අතර බංග්ලාදේශයෙන් ද එම විකෘතිය ආසාදනය වූ රෝගීන් 6 දෙනකු හමුවී ඇතැයි පැවැසෙයි. 

NDTV

Classified_Ad

Classified_Ad_News_Bottom