ගංගා නදියේ මළසිරුරු පාවෙයි - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Classified_Ad_News_Top

May 11, 2021

ගංගා නදියේ මළසිරුරු පාවෙයි

'කොවිඩ් 19' වසංගතය හමුවේ, ඉන්දියාවේ රෝහල්වලත්, නිවෙස්වලත්, මාර්ගවලත් කොරෝනා ආසාදිත පුද්ගලයන්ගේ මළසිරුරු ගොඩගැසෙන්න පටන්ගෙන ඇති බවත්, ගංගා නදියේ පවා මළසිරුරු පා වීමට පටන්ගෙන ඇති බවත් මාධ්‍ය වාර්තා කරයි. 

බිහාර් සහ උත්තර ප්‍රදේශ් ප්‍රාන්තයෙන් වාර්තා වන අන්දමට ගංගා නදිය දිගේ පහළට ගසා ගෙනැවිත්, ඉවුරුවල රැදුණු මළසිරුරු 100 කටය වැඩි ගණනක් සෞඛ්‍ය බලධාරීන්ට හමුවී ඇත. 

ඒවා ගං ඉවුරේම දර සෑයක් සකසා ආදාහනය කළේ යැයි ද පැවැසෙයි. කෙසේ නමුත් ගංගා නදියට මළසිරුරු එක් වුණු ආකාරය මෙතෙක් පැහැදිලි වී නැත. ප්‍රාන්ත මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් සහ පොලිසිය ඒ සම්බන්ධයෙන් සොයා බලන බව ද ඉන්දීය මාධ්‍ය වාර්තා සඳහන් කරයි.

උත්තර ප්‍රදේශ් ප්‍රාන්ත වැසියන් ඔවුන්ගේ ආදාහන කටයුතු සිදු කරන්නේ ගංගා නදි ඉවුරේය. ඒසේ ආදාහනයට ගෙනා සිරුරු පහළට ගසාගෙන එන්න ඇතැයි සැක කෙරේ. ඉන්දියාවේ වැඩිම ජනගහනයක් වෙසෙන්නේ උත්තර ප්‍රදේශ් ප්‍රාන්තයේය. 

මේ අතර ඉන්දියාවේ කොරෝනා ආසාදිතයන්ගෙන් රෝහල් පිරී යද්දී, ඔවුන්ට ප්‍රතිකාරයක් ලෙස, ඉන්දිය ඖෂධ නියාමන අධිකාරිය විසින් නිර්දේශ කරනු ලැබ ඇති 'ටූ ඩියොක්සි ඩී ග්ලූකෝස්' ඔසුව ලබා දීම නොකඩවා සිදුවන බව ද පැවැසෙයි. 

'ටූ ඩියොක්සි ඩී ග්ලූකෝස්' යනු ඉන්දීය ආරක්ෂක පර්යේෂණ හා සංවර්ධන ඒකකයේ වෛද්‍ය පර්යේෂකයන් විසින් නිපදවනු ලැබූ කොරෝනා රෝගීන්ට ලබා දෙන ඖෂධයකි ඉන්දීය ආරක්ෂක පර්යේෂණ හා සංවර්ධන ඒකක ඉන්දීය රජය යටතේ පවතින පර්යේෂණ ආයතනයක් වන අතර, මෙහි ප්‍රධාන රසායනාගාරය පිහිටා ඇත්තේ හයිද්‍රාබාද් නුවරය. 

BBC

Classified_Ad

Classified_Ad_News_Bottom