
ඉන්දීය රජයේ ‘ආරක්ෂක පර්යේෂණ සහ සංවර්ධන ආයතනය’ විසින් නිපදවනු ලැබූ ‘2 ඩියොක්සි ඩී ග්ලූකෝස්’ 2-deoxy-D-glucose නමැති ඖෂධය කොරෝනා ආසාදිත රෝගීන්ට ලබා දීම ඊයේ (17) ආරම්භ විය.
ඒ, හදිසි භාවිතයට සුදුසු යැයි 2-deoxy-D-glucose සඳහා ඉන්දීය ඖෂධ පාලන අධිකාරියේ අනුමැතිය හිමිවීමෙන් අනතුරුවය.
‘ආරක්ෂක පර්යේෂණ සහ සංවර්ධන ආයතනය’ පිහිටා ඇත්තේ හයිද්‍රාබාද් නුවර වන අතර, ‘ආරක්ෂක පර්යේෂණ සහ සංවර්ධන ආයතනය’ මෙම ඖෂධය නිපදවා ඇත්තේ ‘ඩොක්ටර් රෙඩී රසායනාගාරය’ යන නමින් හැඳින්වෙන ඉන්දීය ඖෂධ නිෂ්පාදන සමාගම සමඟ එක් වෙමිනි.
කෙටියෙන්, ‘2 ඩි.ජී.’ යන නමින් ද හැඳින්වෙන මෙම ඖෂධය පළමුවෙන් ලබා දීම සිදුවනු ඇත්තේ නවදිල්ලි අගනුවර රෝහල්වල ප්‍රතිකාර ලබන කොරෝනා ආසාදිත රෝගීන්ටය.
‘කොරෝනා ආසාදිතයන් කඩිනමින් සුවපත් කිරීමට මෙම ඖෂධයට හැකියාව තිබෙනවා’ යැයි ඖෂධ සම්බන්ධයෙන් දැනුවත් කරමින්, ඉන්දිය රජය නිකුත් කළ ප්‍රකාශයක සඳහන් වෙයි.
කෙරෝනා ආසාදිත රෝගීන්ට, ඒ ඒ සංකූලතා වළක්වා ගැනීමට සාමාන්‍යයෙන් ලබා දෙන ප්‍රතිකාරවලට අමතරව, මෙම ඖෂධය ද මින් ඉදිරියට ලබා දෙයි.
මෙම ඖෂධය කුඩා පැකට්ටුවන අඩංගු වන කුඩු වර්ගයකි. වතුරේ දිය කර ලබා ගැනීම කළ යුතු වෙයි. ‘2 ඩි.ජී.’ ඖෂධය ලබා ගැනීමෙන් පසු ඔක්සිජන් නොමැතිකම නිසා ගැටලුවලට මුහුණ දීමට කොරෝනා ආසාදිත රෝගීන්ට සිදු නොවන බව පැවැසෙයි.
NDTV