මෝදි විවේචනය කළ 15 ක් පොලිසියේ - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Classified_Ad_News_Top

May 18, 2021

මෝදි විවේචනය කළ 15 ක් පොලිසියේ

කොරෝනා ප්‍රතිශක්තිකරණ එන්නත් බෙදාදීම නිසි ලෙස සිදුනොවන බවට චෝදනා කරමින්, ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි විවේචනය කළ නවදිල්ලි අගනුවර තරුණයන් 15 දෙනකු මේ වනවිට පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබ ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි. 

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ අග්‍රාමාත්‍ය මෝදි විවේචනය කරමින් නවදිල්ලි අගනුවර පෝස්ටර් ඇලවූ තරුණයන් පිරිසකි. ඊට අමතරව, නවදිල්ලි අගනුවර මධ්‍යයේ විරෝධා පුවරු රැගෙන විරෝධතාවක සිවිල් ක්‍රියාකාරීන් කණ්ඩායමකට ද එරෙහිව පැමිණිලි ගොනු කර ඇතැයි ද වාර්තා වේ.

“අගමැතිතුමනි, අපට නේද මුලින් එන්නත් දෙන්න ඕනෑ? අපට එන්නත් නොදී, අපේ දරුවන්ට එන්නත් නොදී ඇයි ඒවා වෙනත් රටවලට යැව්වේ?' ආදී වශයෙන් අග්‍රාමාත්‍ය මෝදිට එරෙහිව විරෝධතා පෝස්ටර් නවදිල්ලි අගනුවර පුරා දකින්න ලැබෙන බවත් ඉන්දීය මාධ්‍ය වාර්තා සඳහන් කරයි. 

විරෝධතාකරුවන් අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන්, ඉන්දීය ප්‍රධාන විපක්ෂ දේශපාලන කණ්ඩායම වන කොංග්‍රස් පක්ෂයේ නායක රාහුල් ගාන්ධි සිය අප්‍රසාදය පළ කර තිබේ. ඒ, ට්විටර් පණිවුඩයක් හරහාය.

‘ඒ කතාව ඇත්ත. ඉන්දියාවේ නිපදවන එන්නත් පළමුවෙන් ඉන්දියානුවන්ට ලැබෙන්න ඕනෑ. ඉන්දියානුවන්ට ප්‍රමුඛතාව ලැබෙන්න ඕනෑ. අනෙක් රටවලට අප පිහිට වෙන්න නම් මුලින් අප අපට පිහිට වෙන්න ඕනෑ. අගමැති තුමනි මමත් ඔබ විවේචනය කරනවා. මාවත් අත්අඩංගුවට ගන්න’ යැයි රාහුල් ගාන්ධි පවසා තිබේ. 

ඉන්දියාවේ කොරෝනා වයිරස ව්‍යාප්තිය අධි වසංගත තත්ත්වයක් දක්වා දුරදිගගියේ ඉන්දීය අග්‍රාමාත්‍ය මෝදි ප්‍රමුඛ භාරතීය ජනතා පක්ෂය ප්‍රමුඛ මධ්‍යම රජය සෞඛ්‍ය බලධාරීන් ලබා දුන් උපදෙස් නොතැකූ බැවින් යැයි කොංග්‍රස් පක්ෂය චෝදනා කරයි. කොංග්‍රස් පක්ෂය මේ වනවිට සමාජ මාධ්‍ය හරහා මෝදි රජයට එරෙහිව දැවැන්ත විරෝධතා සටනක් ද ආරම්භ කර තිබේ.

NDTV

Classified_Ad

Classified_Ad_News_Bottom