එන්නත් ලබාගත් අයට Mask ඕනෑ නෑ - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Classified_Ad_News_Top

May 27, 2021

එන්නත් ලබාගත් අයට Mask ඕනෑ නෑ

දකුණු කොරියාවේ 'කොවිඩ් 19' ප්‍රතිශක්තිකරණ එන්නත් මාත්‍රා දෙකම ලබාගත් පුද්ගලයන් සඳහා මුහුණු ආවරණ අවශ්‍ය නොවනු ඇතැයි එරට රජය පවසයි. 

දකුණු කොරියාවේ එන්නත්කරණ වැඩසටහන වේගයෙන් සිදුවෙමින් පවතින අතර‍, දකුණු කොරියානුවන් තව තවත් එන්නත් ලබා ගැනීමට උනන්දු කිරීමක් ලෙස රජය මෙසේ පවසා ඇතැයි ද මාධ්‍ය වාර්තා සඳහන් කරයි. 

මුහුණු ආවරණ අනිවාර්ය නීතිය ඉවත් කිරීමට කොරියානු රජය සූදානම් වන්නේ ජූලි මාසයේ සිටය. 

නීතිය ඉවත් කළත් පොදු ප්‍රවාහන සේවා භාවිත කරද්දී සහ පොදු ස්ථානවල ගැවසෙද්දී, මුහුණු ආවරණ පැලදින්නේ නම්, එය ආරක්ෂාවක් බව සෞඛ්‍ය අමත්‍යාංශය පැහැදිලි කර ඇත.

දකුණු කොරියාව යනු 'කොවිඩ් 19' වසංගතය හමුවේ දරුණු ලෙස බැට කෑ ආසියානු රටකි. දකුණු කොරියාවේ ද ඇස්ට්‍රාසෙනකා කොවිෂීල්ඩ් එන්නත් නිපදවීම සිදු කරයි.

(රොයිටර්)

Classified_Ad

Classified_Ad_News_Bottom