![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEg9mI69lZcTk0HXQFJF1XBHzqmEBeT1GGTGWqtercy2R57z0apRgCUvPSV0R-Za40toW9MgxgiWHo03ill_h_3wrbxNdNdkmit3RUw81PXNa7z9EVoB-vtlDVuBiEll8e6EYxn8RvGu8Dx0/s16000/Ms+Marvel+-+2021+-01.jpg)
මාවල් චිත්‍රාගාරයේ සභාපති කෙවින් ෆයිජී ඇතුළු කණ්ඩායම තවත් මාවල් සුපිරි වීරවරියක පාදක කර ගනිමින්, මාවල් Disney+ ටෙලි කතා මාලාවක් නිර්මාණයට යොමු වී අවසන්ය.
මෙම මාවල් වීරවරිය, යොවුන් වියේ පසුවන මුස්ලිම් යුවතියකි. ඇය 'මිස් මාවල්' ය. මාවල් සුපිරි වීරයන් අතරින් කරළියට පැමිණෙන පළමු මුස්ලිම් සුපිරි වීරවරිය මැයයි.
මාවල් චිත්‍රකතාවලට අනුව, 'මිස් මාවල්' ලෙස වීර වික්‍රමවල යෙදෙන්නේ කමලා කාන් නමැති යෞවනියයි. මැයට සුපිරි හැකියාවක් කීපයක් ඇති අතර, සිරුර ඉලාස්ටික් මෙන් ඇදෙන සුළුය.
'මිස් මාවල්'ගේ චරිතය මාවල් චිත්‍රකතා අතරට ආවේ 2013 දීය.
'මිස් මාවල්' ගේ චරිතයට මාවල් කණ්ඩායම තෝරාගෙන ඇත්තේ රංගනයටත් හොලිවුඩයටත් ආධුනිකයකු වන 19 හැවිරිදි ඉමාන් වැලේනි ය.
![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhdL9Nw3TlrEUOvD4bzebxAZZDoZrBI04SsxQanqI5PcyWON2gSWCLny1eFga5V6TC4g87OYVEjcOoRdNFendiWBsNtlB4KkU_WdB_6UjBXni-bqGUF1I2lI2TUQ6B6mt3DRYtDM6ED55BV/s16000/ms-marvel-team-up.jpg)
![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgPX9wpJBzoLzJoMmSHK_FoxH6SKdyC6Hq947fbDA1QU3U82qRHNAjbmqul7wU4SAUkrsvrvKbiLp-gcFVwsjAXK0lt7bFqG4rJYo5xxYd_Iqpne3ML7pRi3AYLu5UAsHJXb2XyovzThJ3r/s16000/Ms-Marvel.jpg)
ඉමාන් වැලේනි ලොවක් හඳුනන සුපිරි නිළියක් බවට පත් කිරීමට මාවල් චිත්‍රාගාරය දැන් සූදානම් වෙයි.
ඉමාන් වැලේනි උපත ලැබුවේ 2001 වසරේ, කැනඩාවේ, ඔන්ටැරියෝ ප්‍රාන්තයේය. ඇගේ මව සහ පියා පාකිස්තානයේ සිට කැනඩායට ආ සංක්‍රමණික යුවළකි.
කෙවින් ෆයිජී ඇතුළු කණ්ඩායම, 'මිස් මාවල්' එසේත් නැතිනම් කමලා කාන්ගේ චරිතයට ඉමාන් තෝරා ගැනීම කළේ පසුගිය දෙසැම්බරයේය. ඒ, වීඩියෝ තාක්ෂණය ඔස්සේ පැවැති සම්මුඛ සාකච්ඡාවකින් සහ තිර පරීක්ෂණයකින් පසුවය. තමන්ට 'මිස් මාවල්' වීමට ලැබීම ගැන වැලේනි පවා මවිතයට පත්වූවාය.
![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgqdmnIBB1AA4rB28vIaFP-5yKH0ElGtSMm_LnwwVu3HAOYUJNKc4XMM1D7YE1u89IE45VWiZf49MkoXELmhuJg0CG1kv-d9AMTNVcm37R7KxYPSUdJ4dqvNLISWnwAgKXfyHl0Avhk7UhM/s16000/Ms-Marvel---2021--03.jpg)
![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgQ0v6UoybgssF3aedfP7ssGZte4xac7GhZwTpRTzcxZd14w3MjrQPwJ63V8WxDoL_DS1uQSR6PSP6QqDWiKmiltUleHKb-KTirVccV2etyDfI0HJhDhFoLIC3DID1xOMiArmTv5kLM9ZrS/s16000/Ms+Marvel+-+2021+-02.jpg)
මාවල් ලෝකයට අනුව, 'මිස් මාවල්', 'කැප්ටන් මාවල්'ගේ මිතුරියක වන අතර 2022 දී තිරගතවීමට නියමිත 'කැප්ටන් මාවල් 2' චිත්‍රපටයේ ද 'මිස් මාවල්'ගේ චරිතය දකින්න ලැබෙනු ඇත.
'මිස් මාවල්' Disney+ ටෙලි කතා මාලාවේ රූගත කිරීම් මේ වනවිටත් ආරම්භ වී අවසන් වන අතර, ජනප්‍රිය යොවුන් අධ්‍යක්ෂවරුන් කීප දෙනකු එක් එක් කතාංගය අධ්‍යක්ෂණයට තෝරා ගෙන තිබේ.
WWW. Marvel.COM