කොරෝනා-ඉන්ෆ්ලුවන්සා වළක්වන්න එකම එන්නතක් - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Classified_Ad_News_Top

May 15, 2021

කොරෝනා-ඉන්ෆ්ලුවන්සා වළක්වන්න එකම එන්නතක්

'කොවිඩ් 19' හෙවත් නව කොරෝනා වයිරසය පමණක් නොව, ඉන්ෆ්ලුවන්සා වයිරසය ද මට්ටු කළ හැකි එන්නතක් ඇමෙරිකාවේ 'නෝවාවැක්ස්' ඖෂධ නිෂ්පාදන සමාගම නිපදවා ඇතැයි වාර්තා වේ. 

'නෝවාවැක්ස්' යනු ඇමෙරිකාවේ ජෛව පර්යේෂණ ආයතනයක් වන අතර මෙය පිහිටා ඇත්තේ මේරිලන්ඩ් ප්‍රාන්තයේය. මේ වනවිටත් 'නෝවාවැක්ස්' 'කොවිඩ් 19' වයිරසයට එරෙහිව ප්‍රතිශක්තිකරණ එන්නතක් නිපදවා තිබේ. එය ඇමෙරිකානුවන්ට ලබා දීම සිදුවෙමින් පවතී. 

ඉන්ෆ්ලුවන්සා සහ ඉබෝලා වයිරස සඳහා සාර්ථක එන්නත් නිපදවා ඇත්තේ මෙම 'නෝවාවැක්ස්' ආයතනයයි. 'නෝවාවැක්ස්' විද්‍යාඥයන් 'නෝවාවැක්ස්' යන නමින් නිපදවමින් පවතින නව කොරෝනා එන්නතට ඉන්ෆ්ලුවන්සා ද මට්ටු කළ හැකි යැයි පැවැසෙයි. 

මෙම එන්නත තවමත් ඇත්තේ තෙවැනි අදියරේ පර්යේෂණ මට්ටමේය. බටහිර රටවල වැසියන්ට වාර්ෂිකව ඉන්ෆ්ලුවන්සා වයිරසයට එන්නත් ලබා දීම සිදුවෙයි. එසේ එන්නත් ලබා ගැනීමේ දී, 'කොවිඩ් 19' වයිරසයට එරෙහිව ද එකම එන්නතක් භාවිතයට ගැනීම පහසුවක් වනු ඇතැයි 'නෝවාවැක්ස්' ආයතනය පැහැදිලි කර තිබේ.

CNN

Classified_Ad

Classified_Ad_News_Bottom