එන්නත් මිලදී ගැනීමට ලෝක බැංකු සහාය - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Stay Safe

May 14, 2021

එන්නත් මිලදී ගැනීමට ලෝක බැංකු සහාය

sample-ad-complete-big
sri_lanka-covid_vaccine-_AP
ශ්‍රී ලංකාවට ‘කොවිඩ්-19’ එන්නත් මිලදී ගැනීමට, ඒවා බෙදාහැරීම සහ මෙරට එන්නත්කරණ පද්ධතිය ශක්තිමත් කිරීම සඳහා ඇමෙරිකානු ඩොලර් මිලියන 80.5ක අමතර මූල්‍ය සහාය ලබාදීමට ලෝක බැංකුව තීරණය කර තිබෙන අතර ඊට අදාළ ගිවිසුමට අත්සත් තැබිණි. 

ඒ අනුව ශ්‍රී ලංකා රජය වෙනුවෙන් මුදල් අමාත්‍යාංශයේ ලේකම් එස්.ආර්. ආටිගල සහ ලෝක බැංකුව වෙනුවෙන් ලෝක බැංකුවේ ශ්‍රී ලංකාවේ නියෝජිත ෆාරිස් හදාද් සර්වෝස් යන මහත්වරු අදාළ ගිවිසුමට අත්සන් තැබූහ. 

‘කොවිඩ්-19’ හදිසි ප්‍රතිචාර සහ සෞඛ්‍ය පද්ධති සූදානම් කිරීමේ ව්‍යාපෘතිය යටතේ ශ්‍රී ලංකාවට මෙම දෙවැනි අමතර මූල්‍ය සහයෝගය හිමි වේ. 

ඒ තුළින් ‘කොවිඩ්-19’ එන්නත් මිලදී ගැනීම, ඒවා බෙදාහැරීම, ශ්‍රී ලංකාවේ එන්නත්කරණ වැඩසටහන ශක්තිමත් කිරීම සහ වසංගතවලට සූදානම් වීම යනාදිය කළ යුතු ය. 

ලෝක බැංකුවේ එන්නත් අනුමත කිරීම්වලට යටත්ව මෙම අරමුදල් යොදාගනිමින් එන්නත් මිලදී ගැනීමට ශ්‍රී ලංකාවට මෙමඟින් අවස්ථාව උදා වේ. 

‘කොවිඩ්-19’ හදිසි ප්‍රතිචාර සහ සෞඛ්‍ය පද්ධති සූදානම් කිරීමේ ව්‍යාපෘතිය යටතේ ශ්‍රී ලංකාවේ වසංගත කළමනාකරණ සහ වසංගතවලින් ආරක්ෂා වීමේ ක්‍රියාවලට ලෝක බැංකුව ඇමෙරිකානු ඩොලර් මිලියන 298.07ක දායකත්වයක් සපයා ඇත.

Classified_Ad