ඇමෙරිකාවේ ආධාරයෙන් ඉලෙක්ට්‍රොනික පද්ධතියක් - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Classified_Ad_News_Top

May 14, 2021

ඇමෙරිකාවේ ආධාරයෙන් ඉලෙක්ට්‍රොනික පද්ධතියක්

නීතිපති දෙපාර්තමේන්තුවේ නවීන පුහුණු මධ්‍යස්ථානයක් ආරම්භ කිරීම සහ නීති ලිපිගොනු පිළිබඳ සොයාබැලීමේ ඉලෙක්ට්‍රොනික පද්ධතියක් ආරම්භ කිරීම ඊයේ (13) සිදු කෙරුණි. 

මෙම ව්‍යාපෘතිය සඳහා අරමුදල් සපයන්නේ ඇමෙරිකා එක්සත් ජනපදයේ, ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වන එක්සත් ජනපද නියෝජිතායනය යි (USAID). 

ශ්‍රී ලංකාව තුළ නීතියේ ආධිපත්‍ය පවත්වාගෙන යාම සඳහා අධිකරණ අංශයේ වෘත්තිකයන්ට ඇති හැකියාව ශක්තිමත් කිරීමට මෙම මෙවලම උපකාරී වනු ඇතැයි මේ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේය.

මෙම ව්‍යාපෘතිට යටතේ පුහුණු මධ්‍යස්ථානය, ඉලෙක්ට්‍රොනික දිනපොත, ලිපිගොනු කළමනාකරණ පද්ධතිය, සහ නීතිපති දෙපාර්තමේන්තු වෙබ් අඩවිය ආරම්භ කිරීම නීතිපති දප්පුල ද ලිවේරා මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (13) සිදු කෙරුණි. 

ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු යසන්ත කෝදාගොඩ, වැඩබලන සොලිසිටර් ජනරාල් සන්ජේ රාජරත්නම් සහ අධිකරණ අමාත්‍යාංශයේ ලේකම් එම්.එම්.පී.කේ. මායාදුන්න යන මහත්වරු මෙම අවස්ථාවට සහභාගී වූහ.

ඇමෙරිකා එක්සත් ජනපදය නියෝජනය කරමින් ඩී.සී. කෙලී සහ ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වන එක්සත් ජනපද නියෝජිතායනයේ දූත මණ්ඩල අධ්‍යක්ෂ රීඩ් ඈෂ්ලිමන් යන මහත්වරු අන්තර්ජාලය ඔස්සේ මෙම අවස්ථාවට එක්වූහ.

Classified_Ad

Classified_Ad_News_Bottom