ජැකලීන් සල්මන් එක්ක? - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Classified_Ad_News_Top

May 5, 2021

ජැකලීන් සල්මන් එක්ක?

බොලිවුඩ් රංගන ශිල්පි සල්මන් ඛාන්ගේ නවතම චිත්‍රපටය වන “රාධේ” සඳහා ශ්‍රී ලංකාවේ රූ රැජින වූ ජැකලින් ෆර්නැන්ඩස්ගේ ආරාධිත රංගනයෙන් යුතු නර්තනයක් ඇතුළු වී තිබේ. 

මෙම ගීතය ද මේ වන විට යුටියුබ් සමාජ මාධ්‍ය තුළ ඉමහත් ප්‍රසිද්ධියට පත්ව තිබේ. 

Kick, Race 3 වැනි චිත්‍රපටවල එක්ව රංගනයේ යෙදුණු සල්මන් ඛාන් සහ ජැකලීන් යනු බොලිවුඩ් සිනමාව තුළ හොඳ මිතුරන් දෙදෙනෙකු බවද සඳහන් වෙයි. 

පසුගිය වසරේ ඉන්දියාව පුරා ක්‍රියාත්මක වූ කොරෝනා මර්දන නීතිය කාලයේ පැවති ඇඳිරි නීතිය අවස්ථාවේ ජැකලීන් නැවතී සිටියේ සල්මන් ඛාන්ට අයත් ඉන්දියාවේ පන්වෙල් හි පිහිටි නිවසේය. 
මෙම අපුරු මිතුරන් දෙදෙනා විසින් එක්ව තේරේ බීනා (Tere Bina) නමින් නවතම සංගීත වීඩියෝවක්ද නිකුත් කර තිබුණි. 

මෙම යුවලගේ මිතුදම තවත් දිශාවකට යමින් ඔවුන් මුලින්ම එක්ව රංගනයෙන් දායක වූ Kick (කික්) චිත්‍රපටයේ දෙවන කොටස සඳහා වැඩකටයුතුවලට සුදානමින් සිටියි. 

චිත්‍රපටයේ නිෂ්පාදකවරයා වන සජිඩ් නදියද්වල් විසින් ප්‍රකාශ කර තිබුණේ චිත්‍රපටය එළැඹෙන දෙසැම්බර් මාසයේ දී තිරගත කිරීම සඳහා සුදානම් වන බවයි. 

චිත්‍රපටයේ තිරපිටපත ඉතාමත් ඉක්මණින් අවසන් කරන බවද ඔහු විසින් සඳහන් කර තිබුණි. 2014 වසරේ දී තිරගත වූ Kick (කික්) චිත්‍රපටය ඉන්දියාව තුළ බොක්ස් ඔෆිස් ආදයම් වාර්තා පවා තැබීමට සමත් වූ චිත්‍රපටයක් බවට පත්විය. 

ඒ අනුව ළඟදීම සල්මන් සහ ජැකලීන් එක්ව රඟපාන චිත්‍රපටයක් නැරඹීමට බොලිවුඩ් ප්‍රේක්ෂකයන් හට නැවත අවස්ථාව උදාවනු ඇත.

Times of India

Classified_Ad

Classified_Ad_News_Bottom