නිරූපණ ක්ෂේත්‍රයට අලුතින් එක්වුණු හැඩකාරි - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Classified_Ad_News_Top

May 27, 2021

නිරූපණ ක්ෂේත්‍රයට අලුතින් එක්වුණු හැඩකාරි

ෂිනු ලියනාරච්චි නිරූපණ ක්ෂේත්‍රයට නවකයෙකි. මේ වනවිට රංගනයටද පිවිස ඇති ඇය ඉදිරියේදී තවත් විවිධ කලා නිර්මාණ ඔස්සේ ප්‍රේක්ෂක ඔබට දැක බලා ගැනීමට හැකි වේ. 

ෂිනු මොඩල් කෙනෙක් වෙන්නේ කොහොමද? 
2019 වසරේ අවසන් භාගයේදී තමයි මම නිරූපිකාවක් විදිහට මොඩල් ෆිල්ඩ් එකට එන්නේ. ඒ ආවේ කවින් අයියා හරහා. ඔහුගේ මඟ පෙන්විම හරහා මොබිටෙල් වෙළෙඳ දැන්වීමකට තමයි මම මුලින්ම පෙනී හිටියේ. ඊට පස්සේ තමයි මොඩල් ෆිල්ඩ් එකට සම්බන්ධ වෙන්න ආසාවක් ඇතිවුණේ. 

ඒ කියන්නේ ෂිනුට ආසාවක් තිබුණා මොඩල් කෙනෙක් වෙන්න? 
නැහැ. මොඩල් කෙනෙක් වෙනවට වඩා මගේ ආසාව තිබුණේ ඇක්ට්‍ර්ස් කෙනෙක් වෙන්න. ඒත්, මොකක්දෝ හේතුවක් මත මට ගොඩක් වැඩ හම්බ වුණේ ෆිල්ඩ් එකට ආපු මුල් කාලයේ මොඩල් කෙනෙක් විදිහට. නමුත්, අදටත් මම ගොඩක් ආස ඇක්ටිං පැත්තට යොමු වෙලා වැඩ කරන්න. 

මොඩල් ෆිල්ඩ් එක ගැන මොකක්ද අදහස ඔබගේ? 
හරි විදිහට ගමනක් යනවා නම් ජිවිතේ ලස්සන කරගන්න පුළුවන් හොඳ තෝතැන්නක් තමයි මොඩල් ෆිල්ඩ් එක කියන්නේ. 

මොඩල් කෙනෙක්, ඇක්ට්‍ර්ස් කෙනෙක් විදිහට මොනවද කරලා තියෙන වැඩ? 
ෆිල්ඩ් එකට ආපු කාලේ ගොඩක් කළේ අතිරේක චරිත. එහෙත් ටික කාලයක් එහෙම වැඩ කරද්දි ලැබුණ අත්දැකිම් එක්ක මගේ රංගන හැකියාව දියුණු කරගන්න පුළුවන් වුණා. ඊට පස්සේ ප්‍රදාන පෙළේ වෙළෙඳ දැන්වීම කිහිපයක් සඳහා සම්බන්ධ වෙන්න ලැබුණා. ඔය අතරේ දැනට විකාශය වෙමින් පවතින ‘නීල පබළු’ හා ‘ආලියා’ කියන ටෙලි නාට්‍යයවලට සම්බන්ධ වෙලා ඇක්ට් කරන්න අවස්ථාව ලැබුණා. 

මොඩල් කෙනෙක්ට අද තියෙන පිළිගැනිම කොහොමද? 
පිළිගැනිමක් තියෙනවද නැද්ද යන්න ඇත්තටම ගැටලුවක් තියෙනවා. මම හිතන විදියට ඒ නම ඇහුවොත් සමාජයේ සමහර මිනිස්සු වපර ඇහින් බලන අවස්ථාවන් තියෙනවා. මිනිසුන් තුළ ඒ පිළිබඳව තියෙන්නේ ඍණාත්මක ආකල්පයක් කිව්වොත් හරි. 

මොඩස්ලා මුදලට විකිණෙනවා කියන කතාව ඇත්තද? 
ඒක වෙන්නත් පුළුවන් නොවෙන්නත් පුළුවන්. හැමදේකම දෙපැත්තක් තියෙනවා නේ. හොඳ හෝ නරක තමන් ගන්නා තිරණය මත රදා පවති. 
එවැනි යෝජනා හා චෝදනා ඔබටත් තියෙනවාද? 
මේ ෆිල්ඩ් එකේ පමණක් නොවෙයි ඕනෑම තැනක තියෙන්නෙ පුළුවන් දෙයක් ඕක. මටත් එවැනි යෝජනා නම් තියෙනවා. තමන් හොඳ නම් මොන ප්‍රශ්නය ආවත් බය වෙන්න දෙයක් නැහැ. 

මොඩ්ලින් කියන්නේ ඔබේ වෘත්තියමය රැකියාවද? 
නැහැ මගේ එකම සිහිනය වෘත්තීයක් විදියට රූපලාවන්‍ය ශිල්පිණියක් වෙන එක. ඒ සඳහා තමයි මේ දිනවල වඩාත් මම කැප වෙලා උනන්ඳු වෙන්නේ.  

ෆිල්ඩ් එකේ දිගටම රැඳෙන්න අදහසක් නැහැ ඒ කියන්නේ? 
කැමැත්තක් තියෙනවා දිගටම රැඳිලා ඉන්න. බලමු ඉදිරියට. 

උදව් කරපු කට්ටිය කවුද ඔබට? 
මේ ෆිල්ඩ් එකට එන්න මුලින්ම අවස්ථාව ලැබුණේ කවින් අයියා හරහා. ඔහුට මම මුලින්ම ස්තුති කරන්න කැමතියි. ඒ වගේම කල්ප මල්ලි, සම්පත් මල්ලි, විරාජ් මල්ලි, ප්‍රියන්ත අයියා, කල්ප අයියා, දස්සා විශේෂයෙන්ම විදූවත් මතක් කරනවා. 

 ෴ බුද්ධික සේනාධීර
උපුටා ගැනීම - සාරවිට වෙබ් අඩවිය

Classified_Ad

Classified_Ad_News_Bottom