වැඩිහිටියන්ගෙන් හරි අඩකට එන්නත් ලැබිලා - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

May 27, 2021

වැඩිහිටියන්ගෙන් හරි අඩකට එන්නත් ලැබිලා

ඇමෙරිකා එක්සත් ජනපදයේ වැඩිහිටියන්ගෙන් අඩකට වඩා වැඩි පිරිසක් ‘කොවිඩ්-19’ වයිරසයට එරෙහිව සම්පූර්ණයෙන් එන්නත් කර අවසන් යැයි ධවල මන්දිරය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි. 

එලැඹෙන ජූලි 4 වැනිදා ඇමෙරිකාව නිදහස් දිනය සමරනවිට ඇමෙරිකා එක්සත් ජනපදයේ වැඩිහිටියන්ගෙන් සියයට 70කට ‘කොවිඩ්-19’ එන්නත්වලින් එක් මාත්‍රාවක් හෝ ලබා දී අවසන් කරන බව ජෝ බයිඩන් පරිපාලනය ඉලක්කයක් ලබාදුන් අතර ඊට සති හයකට පෙර මෙලෙස වැඩිහිටියන්ගෙන් අඩකට වැඩි පිරිසක් සම්පූර්ණයෙන් එන්නත්කර අවසන් කිරීමට ඇමෙරිකාව සමත්ව ඇත. 

 කෙසේ නමුත් ඇමෙරිකා එක්සත් ජනපදයේ ෆෙඩරල්, ජනපද නායකයන්ට සහ ඊට පහළින් සිටින නිලධාරීන් එන්නත් ලබා නොගත් පිරිසට එන්නත් ලබාදීමේ අභියෝගාත්මක කාර්යභාරයකට මුහුණ දී සිටියි. 

වැඩිහිටියන්ට එන්නත් ලබාදුන්න ද ඇමෙරිකාවේ බොහෝදෙනා තවමත් එන්නත් ලබාගැනීමට බියක් මැලිකමක් දක්වති. ඊට ප්‍රධාන හේතුවක් වී ඇත්තේ එන්නත්කරණය සම්බන්ධයෙන් ව්‍යාප්ත වී තිබෙන දුර්මත සහ දුස් තොරතුරු ය. ඇමෙරිකාව සිය එන්නත්කරණ වැඩසටහන වේගවත් කිරීමත් සමඟ එරටින් දෛනිකව වාර්තා වන නව කොරෝනා වයිරස ආසාදිතයන්ගේ ගණන ද අඩු වී තිබේ. ‍ 

CNN

Classified_Ad