චීන රජය ප්‍රාදානය කළ තවත් සයිනොෆාම් එන්නත් මාත්‍රා ලක්ෂ 5ක් අද (26) අලුයම මෙරටට ලැබුණි.
ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් විශේෂ ගුවන් යානයකින් අදාළ එන්නත් තොගය කටුනායක ගුවන්තොටුපොළ වෙත රැගෙන ආ බව ගුවන්තොටුපොළ වාර්තා සඳහන් කරයි.
චීන රජයේ ප්‍රදානයක් ලෙස මීට පෙර ද ශ්‍රී ලංකාවට සයිනොෆාම් එන්නත් මාත්‍රා ලක්ෂ 6ක් හිමිව තිබුණි.
අද (26) අලුයම මෙරටට රැගෙන ආ එන්නත් තොගය භාරගැනීම සඳහා සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය ඇතුළු මැති ඇමතිවරුන් පිරිසක් කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණ සිටි බවද වාර්තා වේ.
ශ්‍රී ලංකා චීන තානාපතිවරයා විසින් අදාළ එන්නත් තොගය ශ්‍රී ලංකා රජයට නිල වශයෙන් භාරදීම සිදු කරනු ලැබුණි. රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා ද එම අවස්ථාවට එක් වී සිටියේය.