
තරග 3 කින් සමන්විත, ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය එක් දින තරගාවලියේ දෙවැනි තරගය ද ජයග්‍රහණය කිරීමට සත්කාරක බංග්ලාදේශ කණ්ඩායම සමත් විය.
දෙවන තරගයෙන් බංග්ලාදේශ කණ්ඩායම ජයග්‍රහණය කළේ ඩක්වර්ත් සහ ලුවිස් න්‍යාය අනුව ලකුණු 103 කිනි. ඒ අනුව ශ්‍රී ලංකාවට එරෙහිව පළමුවරට එක්දින ක්‍රිකට් තරගාවලියක් ජය ගැනීමට බංග්ලාදේශ ක්‍රීඩකයෝ සමත් වී සිටිති.
තරඟයේ පළමුව පන්දුවට පහර දුන් බංග්ලාදේශ කණ්ඩායම ලකුණු 246 ක් රැස් කළේය. ඊට පිළිතුරු දෙමින්, ශ්‍රී ලංකා කණ්ඩාමට රැස් කර ගැනීමට හැකි වුයේ කඩුලු 9ක් දැවි ලකුණු 141ක් පමණි.
තරඟය ජය ගැනීමට ශ්‍රි ලංකා කණ්ඩායම ට පන්දු ඕවර 40ක් තුළ ලකුණු 245ක් ලබා ගත යුතු විය. ඒ වර්ෂාව හේතුවෙන් බාධා වූ හෙයිනි.
ඒ අනුව තරග තුනකින් සමන්විත තරගාවලිය 2යි 0ක් ලෙස ජය ගැනිමට සත්කාරක බංග්ලාදේශ කණ්ඩාය සමත් විය.