Vax Live - Global Citizen ප්‍රසංගය - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Stay Safe

May 15, 2021

Vax Live - Global Citizen ප්‍රසංගය

sample-ad-complete-big
‘මේ වසංගතය අවසන් වෙන්නේ නැහැ. වසංගතය අවසන් කළ හැක්කේ එන්නත්කරණය හරහා පමණයි. වයිරසයට එරෙහිව ඇති හොඳම අවිය එන්නත්කරණයයි. අවසන් මෙන්ම එකම විකල්පය වන්නේ ද එයයි. වයිරසය පරද්දන්න ලොව අප කවුරුත් එන්නත් ලබා ගැනීම කළ යුතුම වෙනවා.’ - ඇමෙරිකානු විශේෂඥ වෛද්‍ය ඇන්තනි ෆවුචි.

වෛද්‍ය ඇන්තනි ෆවුචි, ඇමෙරිකාවේ ආසාත්මිකතා සහ බෝවන රෝග පිළිබඳ ආයතනයේ ප්‍රධානියා වන අතර, 'කොවිඩ් 19' වසංගතය සම්බන්ධයෙන්, ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්ගේ ප්‍රධාන උපදේශකවරයා ද වෙයි.
42745510-9558259-Serving_as_master_of_ceremonies_None_other_than_Selena_Gomez_mod-a-35_1620527615119
42746392-9558259-Bustin_moves_They_performed_her_song_Fast_Motion_-a-36_1620527615181
42747396-9558259-Lovely_Chrissy_took_some_time_to_speak_at_the_end_of_the_show_in-a-39_1620527615382
කොරෝනා වසංගතය ලොවෙන් තුරන් කිරීමට නම්, ලොව සැමට කොරෝනා ආසාදනය වළක්වන එන්නත් සමානව බෙදී යා යුතු බව අවධාරණය කරමින්, ලොව සෑම කෙනකුටම එන්නත් ලබා දීමට අරමුදල් රැස් කිරීමට මැදිහත් වී සිටින්නේ ‘ගෝලීය පුරවැසි අරමුදල’ ජාත්‍යන්තර සංවිධානයයි. මෙම සංවිධානය මැදිහත් වී, ලොව සැමට එන්නත් ලබා දීමට අරමුදල් රැස් කිරීමේ විශේෂ සංගීත ප්‍රසංගයක් සංවිධානය කළේය. වැක්ස් ලයිව්: ලෝකය එකමුතු කිරීමේ ප්‍රසංගය’ යනුවෙන් මෙය නම් කෙරුණි. 

සංගීත ප්‍රසංගය හරහා ඇමෙරිකන් ඩොලර් මිලියන 302 ක් එකතු කර ගැනීමට ‘ගෝලීය පුරවැසි අරමුදල’ සංවිධානය සමත් වූයේ ඔවුන් අපේක්ෂා නොකළ අන්දමිනි. ලැබුණු අරමුදල්වලින් කොරෝනා ආසාදනය වළක්වන එන්නත් මාත්‍රා මිලියන 26 ක් මිලදී ගෙන ඒවා දිළිඳු රටවලට බෙදා දීමට කටයුතු කරන බව සංවිධායකයෝ පැවැසූහ. 

කොරෝනා වසංගතයේ බලපෑම් හමුවේ, ඇමෙරිකාවේ දකුණු කැලෆෝනියාවේ ලොස් ඇන්ජලීස් නුවර ලො-ෆයි ක්‍රීඩාංගනයේ පැවැත්වුණු පළමු දැවැන්ත සංගීත ප්‍රසංගය ‘වැක්ස් ලයිව්’ වූ අතර, ඇමෙරිකාවේ ජීවත් වන බ්‍රිතාන්‍යයේ හැරී කුමරු සහ ඔහුගේ බිරිඳ මෙගාන් මාකෙල්ගේ සහභාගීත්වයෙන් සංගීත ප්‍රසංගය පැවැත්වීම සුවිශේසී සිදුවීමක් විය. 

පසුගිය මැයි දෙවැනිදා පැවැත්වූ සංගීත ප්‍රසංගය, යූ ටියුබ් ඇතුළු සමාජ මාධ්‍ය හරහාත්, රූපවාහිනී නාළිකා හරහාත් විකාශය කෙරුණේ ඉකුත් සති අන්තයේය. ඒබීසී, ඒබීසී නිව්ස් ලයිව්, සීබීඑස්, සහ අයි හියර්ට්මීඩියා ගුවන්විදුලි නාළිකාව ද ලො-ෆයි ක්‍රීඩාංගනයේදී පැවැත් වුණු මෙම සංගීත ප්‍රසංගය එකම අවස්ථාවේ විකාශය කළේ එය සජීවී අත්දැකීමක් බව පෙන්වමිනි. මැයි දෙවැනිදා ප්‍රසංගය නැරැඹීමට තෝරා ගත් ඇමෙරිකානුවන්ට අවස්ථාවක් ලැබුණි. ඒ, සියලු දෙනා පීසීආර් පරීක්ෂණයකට ලක් වී ආසාදිතයකු නොවන බව තහවුරු කිරීම කළ යුතුව තිබුණි.

එන්නත් මාත්‍රා එකක් හෝ දෙකම හෝ ලබාගත් ඇමෙරිකානුවන් වෙනුවෙන් විශේෂ වරප්‍රසාද හිමිවුණි. එපමණක් නොව, ඇමෙරිකා සෞඛය අංශ සාමාජිකයන් වෙනුවෙන් උපහාර දැක්වීමක් ද සිදුවිය. ඇමෙරිකන් තරුණ ප්‍රජාව එන්නත්කරණයට යොමු කිරීමට ද ප්‍රසංගයේ එක් අරමුණක් විය. මේ වනවිට ඇමෙරිකාවේ අවුරුදු 16 ට වැඩි සැමටත්, 12 ත් 15 ත් වයස් කාණ්ඩයේ පසුවන දරුවන්ටත් එන්නත් ලබා දීම ආරම්භ කර තිබේ. 

‘වැක්ස් ලයිව්’ ප්‍රසංගය මෙහෙයවීමට හැරී කුමරු වේදිකාවට ගොඩවුණු නමුත් මෙගාන් මාකෙල් එහි පැමිණ සිටියේ නැත. ඇය හැරී කුමරුන් සමඟ වේදිකාවට ගොඩවීමට නියමිතව සිටියත් අවසන් මොහොතේ දී එය වෙනස් වී තිබුණි. මෙගාන්, සිය දෙවැනි දරු ප්‍රසූතියට සූදානමින් සිටී. 
42499386-9558211-The_Duke_of_Sussex_took_to_the_stage_at_the_event_held_at_So_Fi_-a-30_1620542815984
42499402-9558211-Prince_Harry_called_for_COVID_19_vaccines_to_be_equitably_distri-a-28_1620542815804
42747166-9558211-Meghan_sported_a_softer_and_more_maternal_look_than_she_did_duri-a-38_1620530878531
“හැමදෙනාම සාදරෙන් පිළිගන්නවා. අද අප පැමිණ සිටින්නේ කොවිඩ් 19 වසංගතයට එරෙහි ගෝලීය සටනේ තීරණාත්මක මොහොතකට. කොරෝනා වසංගතයට එරෙහි සටනට සක්‍රීයව දායකත්වය සැපැයූ සැමට මා මේ අවස්ථාවේ ස්තුති පුද කරන්න කැමැතියි. මනුෂ්‍යත්වයේ නාමයෙන් අප කවුරුත් එකමුතු වී සහයෝගයෙන් ක්‍රියා කළොත් පමණයි අපට මෙම වසංගතය අවසන් කළ හැකි වෙන්නේ. සමානව ලොව සෑම රටකටම එන්නත් ලැබිය යුතුයි. ලෝකයේ සෑම අස්සක් මුල්ලක් නෑරම සාධාරණ අයුරින් එන්නත් බෙදාහැරීමක් සිදුවන තුරු අපට මේ වසංගතය අවසන් වේවි යැයි විශ්වාස කරන්න බැහැ. අපට විවේක ගන්න බැහැ. අස්වැසිල්ලක් ලැබෙන්නේ නැහැ. අපේ ඉදිරි මෙහෙයුම වන්නේ එයයි. අද රාත්‍රියේ අප ඒ වෙනුවෙන් පෙළ ගැසෙන්න ඕනෑ. වයිරසයට දේශසීමා නැහැ. ආගම් භේදයක් හෝ වර්ණ භේදයක් හෝ නැහැ. ඒ නිසා එන්නත්කරණයේ දී අපට ඒ දේවල් දකන්න බැහැ. භූගෝල විද්‍යාව අනුව එන්නත්කරණය තීරණය කරන්න බැහැ. එය සැමගේ මූලික අයිතිවාසිකමක් ලෙස පිළිගැනීම අපගේ මෙහෙයුමේ ආරම්භයයි. පළමු පියවරයි. කොරෝනා වසංගතය අප සැමට පොදු සතුරෙකි. එක් පිරිසක් එයින් ආරක්ෂාකාරී වී, තවත් පිරිසක් ඊට ගොදුරු වෙනවා බලා සිටිය නොහැකියි. වයිරස වසංගතයෙන් අප හැමෝම පීඩාවට පත් වෙලා. ඒ නිසා අප හැමෝම ඊට එරෙහිව මුහුණ දෙන්න ඕනෑ. කාටවත් වෙනසක් වෙන්න දෙන්න බැහැ. මේ වෙලාවේ මනුෂ්‍ය වර්ගයා එකමුතු වෙන්න ඕනෑ. පටු අරමුණුවලින් ඈත් වී එකමුතු වෙන්න ඕනෑ. අද රාත්‍රියේ අප ගන්නා තීන්දු තීරණ, අප කරන දේ අනාගත පරපුරට ආදර්ශයක් වේවි. විනාශකාරී දෙවන කොරෝනා රැල්ල සමඟ පොරබදමින් සිටින මිලියන ගණනක් ඉන්දියානුවන් වෙනුවෙන් අප අපේ සහාය ලබා දෙන්න ඕනෑ” යැයි ‘වැක්ස් ලයිව්’ ප්‍රසංග වේදිකාවට ගොඩවුණු හැරී කුමරු ඉල්ලීමක් ද කළේය. 

වේදිකාවට ගොඩ නොවුණත්, සංගීත ප්‍රසංගයට මෙගාන් මාකෙල් හෙවත් සසෙක්ස් ආදිපාදවරිය වීඩියෝ පණිවුඩ ඔස්සේ සම්බන්ධ වූවාය. මෙගාන් ද ප්‍රසංගය නැරඹීමට පැමිණි පිරිස අමතමින් විශේෂ ප්‍රකාශයක් කළාය. එය කලින් පටිගත කරන ලද්දකි. මෙගාන් එම ප්‍රකාශය ලබා දී තිබුණේ ඩොලර් මිලියන 14.7 ක් වටිනා ඇගේ මොන්ටිසිටෝ මන්දිරයේ පිටුපස ගෙවත්තේ සිටය. 

“වැක්ස් ලයිව් හි ප්‍රසංගය නැරැඹීමට පැමිණි සියලු දෙනා සාදරයෙන් පිළිගන්නවා. සෞඛ්‍ය නිර්දේශ අනුව, සෞඛ්‍ය උපදෙස් පිළිපඳිමින්, සියලු දෙනාගේ ආරක්ෂාවට මුල් තැන දෙමින් ප්‍රසංගය පැවැත්වෙනවා” යැයි ඇය පැවැසුවාය. පසුගිය මාර්තු මාසයේදී ඔප්රා වින්ෆි සමඟ කළ ආන්දෝලනාත්මක සම්මුඛ සාකච්ඡාවෙන් මෙගාන් ඇමරිකානු රූපවාහිනියේ පළ වූ පළමු අවස්ථාව මෙය විය. මිනිත්තු 2 ක ප්‍රකාශය අතරතුර මෙගාන් සංඛ්‍යා ලේඛන මාලාවක් ද ඉදිරිපත් කළාය.
42746236-9558259-Appearing_via_livestream_President_and_First_Lady_Biden_reminded-a-32_1620527614754
“වසංගතය ආරම්භ වූ දා සිට ඇමෙරිකාවේ කාන්තාවන් මිලියන 5.5 කට ආසන්න සංඛ්‍යාවකට රැකියා අහිමි වී ඇති තිබෙනවා. කොරෝනා නිසා ලොව පුරා මිලියන 47 ක් කාන්තාවන් දරිද්‍රතාවයට ඇද වැටෙනු ඇතැයි අපේක්ෂා කෙරෙනවා. තරුණියන්ගේ අනාගත නායකත්වය රඳා පවතින්නේ අප ගන්නා තීරණ සහ අප දැන් ගන්නා ක්‍රියාමාර්ග මතයි. අප යථා තත්ත්වයට පත්වන විට, අප ශක්තිමත් වන බව සහතික කර ගැනීමට අපට අවශ්‍යයි; අප කෙසේ හෝ නැවත ගොඩ නැගෙන්න ඕනෑ. එය අපට බැරි දෙයක් නොවේ.” 

ජෙනිෆර් ලෝපේස්, සෙලීනා ගෝමස් ප්‍රසංගය සංවිධානය කිරීමට අනුග්‍රහය ලබා දුන්හ. එඩී වෙඩ්ඩර්, ෆූ ෆයිටර්ස්, ජේ. බැල්වින්, එච්.ඊ.ආර්, ප්‍රසංගය හැඩ කළහ. විශේෂ ආරාධිත කථිකයන් ලෙස සුපිරි නළුවකු මෙන්ම අධ්‍යක්ෂවරයකු ද වන බෙන් ඇෆ්ලෙක්, ක්‍රිසි ටීජන්, ජිමී කිම්ල්, ෂෝන් පෙන් සහ ඩේවිඩ් ලෙටර්මන් ද ප්‍රසංගයට එක් වූහ. 

ඊට අමතරව ධවල මන්දිරයේ සිට ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන් සහ ජිල් ද ප්‍රසංගයට එක් වීම සුවිශේෂී සිදුවීමක් විය. මෙගාන් සේම ජෝ බයිඩන් සහ ජිල් යුවළ ප්‍රසංගයට එක් වූයේ වීඩියෝ පණිවුඩයක් මගිනි. ලොව සැමට එන්නත් ලැබිය යුතු බවත්, එන්නත් ඒකාධිකාරීත්වයක් අවශ්‍ය නැති බවත් ජනපති බයිඩන් වීඩියෝ පණිවුඩයෙන් පවසද්දී, ‘වැක්ස් ලයිව්’ ප්‍රසංගය නැරැඹීමට රැස්ව සිටි පිරිස ඔල්වරසන් දෙන්න වූහ. උප ජනපතිනී කමලා හැරිස් ද වීඩියෝ තාක්ෂණය ඔස්සේ ප්‍රසංගයට එක් වීමට අමතක නොකළාය. 
42746392-9558259-Bustin_moves_They_performed_her_song_Fast_Motion_-a-36_1620527615181
'කොවිඩ් 19' හෙවත් නව කොරෝනා වයිරසයට එරෙහිව නිපදවා ඇති එන්නත්, පුද්ගලික දේපළක් නොවන බවත්, එන්නත් නිසියාකාරව ලොව සෑම රටකටම බෙදී යෑමක් සිදුවිය යුතු බවත් ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන් අවධාරණය කළේය. දිළිදු රටවල පවා එන්නත් නිපදවීම සිදු කළ යුතු බවත් එන්නත් සමාගම් ඊට අවසරය දිය යුතු බවත් බයිඩන් පැහැදිලි කළේය. කොරෝනා ප්‍රතිශක්තිකරණ එන්නත් නිපදවන ඖෂධ සමාගම්, එම එන්නත්වල තනි අයිතියක් පවත්වාගෙන යෑමට උත්සාහ ගනිමින් සිටින බැවිනි. එන්නත් සමාගම් එසේ කරන්නේ වැඩි ලාභ ලැබීමේ අරමුණින්ය. බයිඩන් මෙසේ පැවැසීම ලෝක සෞඛ්‍ය සංවිධානයේ පවා පැසැසුමට ලක් විය. 

Daily Mail

Classified_Ad