බිහිසුණු කලවම් විකෘතියක් වියට්නාමයෙන් - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Classified_Ad_News_Top

May 30, 2021

බිහිසුණු කලවම් විකෘතියක් වියට්නාමයෙන්

ඉන්දියාවෙන් හඳුනාගත් බී. 1.617 දෙමුහුන් කොරෝනා විකෘතියත්, මහා බ්‍රිතාන්‍යයෙන් හඳුනාගත් බී.1.1.7 කොරෝනා විකෘතියත් මුසු වී නිර්මාණය වුණු නවතම මාදිලියේ විකෘති කොරෝනා වයිරස ප්‍රභේදයක් වියට්නාමයෙන් හමුවී ඇතැයි එරට සෞඛ්‍ය අංශ කියයි. 

මෙම නව වයිරස ප්‍රභේදය, වියට්නාමයේ අලුතින් හමුවන 'කොවිඩ් 19' ආසාදිතයන් අතරේ බහුලව දකින්න ලැබෙන බවත්, ආසාදිතයන් සහ මරණ වැඩි කිරීමට එය හේතුවක් වී ඇති බවත් සෞඛ්‍ය ඇමැති ගයියෙන් තාන් ලොං පවසා ඇත. 

ඉන්දියාවේත් මහා බ්‍රිතාන්‍යයේත් කොරෝනා ආසාදිතයන් වැඩි කිරීමට එම රටවලින් හමුවුණු විකෘති ප්‍රභේද සමත් වී තිබේ. ඒ අනුව මෙම විකෘති දෙකම මිශ්‍රවී නිර්මාණය වූ නව ප්‍රභේදය වඩාත් බිහිසුණු බව සෞඛ්‍ය ඇමැතිවරයා පැහැදිලි කර තිබේ. ආසියාවට අයත් රටක් වන වියට්නාමය ඉතා සාර්ථකව පළමු කොරෝනා රැල්ලට මුහුණ දුන්නේය. 

රට දැන් මුහුණ දෙන දෙවැනි රැල්ල ආරම්භ වූයේ පසුගිය අප්‍රේල් මාසයේය. අප්‍රේල් සිට මේ දක්වා, නව ආසාදිතයන් 6,856 ක් වාර්තා වී ඇති අතර, මේ වනවිට වාර්තා වී ඇති මරණ ගණන 47 කි. 

තම විද්‍යාඥයන් විසින් හඳුනා ගනු ලැබූ නව විකෘති ප්‍රභේදය සම්බන්ධ සියලු දත්ත ලෝක සෞඛ්‍ය සංවිධානයට යොමු කිරීමට ද වියට්නාම් සෞඛ්‍ය බලධාරීන් පියවර ගෙන ඇතැයි විදෙස් පුවත් සේවා පවසයි. 

බී. 1.617 දෙමුහුන් කොරෝනා විකෘතියත්, බී.1.1.7 කොරෝනා විකෘතියත් බිහිසුණු විකෘති ප්‍රභේද යැයි ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු අඟවා තිබේ. එවැනි තත්ත්වයක, මෙම දෙකම කලවම් වී නිර්මාණය වී ඇති වියට්නාම විකෘතිය වඩාත් බිහිසුණු එකක් වනු ඇතැයි වයිරස විශේෂඥයෝ බිය ඵල කරති.

AFP

Classified_Ad

Classified_Ad_News_Bottom