සුපිරි මුහුණු ආවරණයක් - Xupermask - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Classified_Ad_News_Top

May 1, 2021

සුපිරි මුහුණු ආවරණයක් - Xupermask

නළුවකු මෙන්ම ජනප්‍රිය රැප් ගායකයකු ද වන WILL.I.AM මැදිහත් වී, හරි අපූරු නව තාක්ෂණයෙන් සමන්විත මුහුණු ආවරණයක් නිපදවීමටත් හඳුන්වා දී ඇත.

මෙම මුහුණු ආවරණය එසේත් නැතිනම් 'මාස්ක්' එක නම් කර ඇත්තේ 'සුපර්මාස්ක්' Xupermask යන නමිනි. මෙම මුහුණු ආවරණයේ මිල ඇමෙරිකන් ඩොලර්වලින් නම් ඩොලර් 299 කි. 

අති නවීන තාක්ෂණයෙන් නිර්මාණය කළ මෙය බ්ලූටූත් හරහා ක්‍රියාත්මක වෙයි. බාහිර සද්ද බද්ද නොඇසෙන ආකාරයේ හෙඩ් ෆෝන්ස් මීට ඇතුළත්ය. කුඩා මෝටරයකින් ක්‍රියාත්මක පංකා තුනක් ඇති අතර, වායු ෆිල්ටරය මඟින් ආශ්වාස කරන සහ ප්‍රශ්වාස කරන වාතය පිරිසුදු කිරීමකට ලක් කෙරේ. 

මෙම මුහුණු ආවරණය නිර්මාණයට දායක වී ඇත්තේ 'හනීවෙල්' සමාගමය. මුහුණු ආවරණයේ සැලැසුම් ශිල්පියා හෝසේ ෆර්නෑන්ඩේස් ය. එලොන් මස්ක්ගේ 'ස්පේස් එක්ස්' සමාගමේ ගගනගාමීන් වෙනුවෙන් ගගන ඇඳුම් කට්ටල නිර්මාණ සැලැසුම් ශිල්පියා ලෙස සැලකෙන්නේ ද මොහුය. 

මෙම මුහුණු ආවරණයට බැටරියක් ක්‍රියාත්මක වෙයි. මෙම බැටරිය පැය 7 ක් ක්‍රියාත්මක වෙයි. කුඩා ඉලෙක්ට්‍රොනික චිපයක් ඇතුළත් වෙයි. සිංදු ගබඩා කිරීමත්, සිංදු අසන්න හැකිවීමත්, දුරකතන ඇමතුම් ලබා ගැනීමත් වරණය එසේත් නැතිනම් 'මාස්ක්' එක නම් කර ඇත්තේ 'සුපර්මාස්ක්' Xupermask මුහුණු ආවරණයේ ඇති පහසුකම්ය. 
'අප අප වයිරස වසංගතයකින් බැට කනවා. ඒක හරියට විද්‍යා ප්‍රබන්ධ චිත්‍රපටයක කතාවක් හා සමානයි. ඒත් අප පලදින්නේ පරණ තාලේ මාස්ක්. ඒක වෙනස් වෙන්න ඕනෑ. ඒ හින්දයි Xupermask හඳුන්වා දීම ද සිදු කළේ' යැයි 46 හැවිරිදි WILL.I.AM මාධ්‍ය හමුවේ පැහැදිලි කර තිබේ. 

WILL.I.AM නිරන්තරයෙන් ම නව තාක්ෂණික මෙවලම් ලොවට හඳුන්වාදීමට ඉදිරිපත් වන චරිතයකි. ඔහු අවසන් වරට ලොවට හඳුන්වා දුන්නේ ඇබල් සමාගම නිපදවූ නව ජංගම දුරකනය සහ ස්මාර් වොච් ඔරලෝසුවය. ඒ, 2016 වසරේදීය. 

කොරෝනා වසංගතය හමුවේ නිසි ප්‍රමිතියකින් යුත් මුහුණු ආවරණ එකක් හෝ දෙකක් පැලඳීම අනිවාර්ය වෙයි. කොරෝනා වයිරසයේ විකෘති ප්‍රභේදවලින් ආරක්ෂාවීමට නම් කළ යුතු හොඳම සහ එකම ආරක්ෂිත ක්‍රමය වන්නේ මුහුණ ආවරණ පැලඳීම යැයි පැවැසෙයි. 

Daily Mail

Classified_Ad

Classified_Ad_News_Bottom