අනුෂ්කාට සුබ උපන් දිනයක් - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Classified_Ad_News_Top

May 1, 2021

අනුෂ්කාට සුබ උපන් දිනයක්

බොලිවුඩ් සුරූපිනියක, ඉන්දීය ක්‍රිකට් නායක විරාත් කෝලිගේ බිරිඳ පමණක් නොව, අලුතින් මවු පදවිය ද උරුම වූ අනුෂ්කා ෂර්මා අද 33 වැනි උපන් දිනය සමරයි. 

කොරෝනා වසංගතය මැද අනුෂ්කා ඇගේ උපන් දිනය සැමරුවේ විරාත් සහ සිඟිති දියණිය වාමිකා ද තුරුළු කර ගෙන යැයි ඉන්දීය මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි. 

කරීනා කපූර්, සෝනම් කපූර් ආදී අනුෂ්කාගේ සිනමා සගයන්ගෙන් අද උදෑසන පටන් උපන්දින සුබ පැතුම් ගලා ආ බව අනුෂ්කාගේ ට්විටර් ගිණුමෙන් දැකිය හැකිය. 

අනුෂ්කා බොලිවුඩ් සිනමාවට පිවිසියේ වයස අවුරුදු 20 දීය. අවුරුදු 25 දී ඇය බොලිවුඩ් නිෂ්පාදිකාවක් බවට ද පත් වූවාය. ඒ, Clean Slate Films චිත්‍රපට සමාගම ආරම්භ කරමිනි. 
අනුෂ්කා ෂර්මා උපන්නේ 1988 මැයි පළමු වැනිදාය. ඒ, අයෝධ්‍යාවේදීය. අනුෂ්කා හැදී වැඩී ඇත්තේ බැංගලෝරයේය. සිනමාවට පිවිසීමට පෙර ඇය නිරූපිකාවක ලෙස කටයුතු කර තිබේ.

ඇගේ පළමු චිත්‍රපටය වූයේ බොලිවුඩ් රජු ෂාරුක් ඛාන් ප්‍රධාන චරිත නිරූපණය කළ 2008 වසරේ තිරගත වුණු 'රබ්නේ බනාදි ජෝදි' ය. 'රබ්නේ බනාදි ජෝදි' බොක්ස් ඔෆිස් වාර්තා පිහිටුවද්දී, අනුෂ්කා ද අතිශය ජනප්‍රිය නිළියක බවට පත් වූවාය. 

2012 වසරේ ෂාරුක් ඛාන් සමඟ 'ජබ් තක් හේ ජාන්' චිත්‍රපටයට ද අනුෂ්කා එක් වූවාය.

ඇය විරාත් කෝලි සමඟ විවාහ වූයේ 2017 දීය. ඉන්දීය සිනමාවේ වැඩිම මුදලක් ලැබෙන නළියන් අතර සිටි අනුෂ්කා ෆිල්ම් ෆෙයාර් ඇතුළු සම්මාන රැසකින් ද පිදුම් ලැබ සිටී. 

2014 වසරේ තිරගත වුණු 'PK', 2016 වසරේ තිරගත වුණු 'සුල්තාන්' සහ 2018 වසරේ තිරගත වුණු 'සන්ජු' අනුෂ්කා රංගනයෙන් එක් වුණු බොක්ස් ඔෆිස් චිත්‍රපටය. 

අනුෂ්කා මානව ක්‍රියාකාරිනියක පමණක් නොව සත්ව හිංසනයට එරෙහිව කැපී පෙනෙන සේවාවක් කරන ක්‍රියාකාරිනියක ලෙස ද ප්‍රකටය. 

NDTV

Classified_Ad

Classified_Ad_News_Bottom