මානව ක්‍රියාකාරිනිය අනතුරකින් මියයයි - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Classified_Ad_News_Top

Jun 21, 2021

මානව ක්‍රියාකාරිනිය අනතුරකින් මියයයි

එක්සත් අරාබි එමිරේට්ස් රාජ්‍යයේ මානව අයිතීන් වෙනුවෙන් සහ සහ ගල්ෆ් කලාපයේ නිදහසේ ජීවත් වීමට ඇති අයිතිය වෙනුවෙන් හඩ නැගූ ප්‍රකට ක්‍රියාකාරිනියක වන 33 හැවිරිදි අලා අල් සිදික් රිය අනතුරකින් මියගිය මහ මහා බ්‍රිතාන්‍යයෙන් වාර්තා වේ. 

නිදහසේ ජීවත් වීමට ඇති අයිතිය වෙනුවෙන් හඩ නැගීමේ වරදට එක්සත් අරාබි එමිරේට්ස් රාජ්‍යයේ උදහසට ලක්වුණු එමිරේට්ස් ජාතිකයකු වන අලා අල් සිදික් මහා බ්‍රිතාන්‍යයේ ජීවත් වූවාය. 

අලා අල් සිදික් පසුගිය සෙනසුරාදා (19) ඔක්ස්ෆර්ඩ්ෂයර්හි සිදුවුණු රිය අනතුරකින් ජීවිතක්ෂයට පත්වූවාය. 

අල් සිදික්, එමිරේට්ස් රාජ්‍යයේ පමණක් නොව, සෞදි අරාබියේත්, බහරේනයේත් උදහසට ලක් වුණු මානව ක්‍රියාකාරිනියකි. ඇමෙරිකාවේ පිහිටි 'අරාබි ලෝකයේ ප්‍රජාතන්ත්‍රවාදී අරුණලු' Democracy for the Arab World Now (DAWN) නමැති උපදේශක කණ්ඩායම මහා බ්‍රිතාන්‍යයෙන් ඉල්ලීමක් කර ඇත්තේ අලා අල් සිදික්ගේ මරණය සම්බන්ධයෙන් පුළුල් පරීක්ෂණයක් කළ යුතු බවය.

ඊට ප්‍රතිචාර දක්වමින් පුළුල් පරීක්ෂණයක් සිදුවුණු අතර එය රිය අනතුරක් බවත්, කිසියම් අයකු අලා අල් සිදික් හිතාමතා ඝාතනය කිරීමක් නොවන බවත් බ්‍රිතාන්‍ය පොලිසිය තහවුරු කළේය. 

මේ අතර අලා අල් සිදික්ගේ දේහය තමන්ට බාර දෙන ලෙසත්, ඉස්ලාමීය ආගමික චාරිත්‍ර අනුව, අවසන් කටයුතු සිදු කළ යුතු බවත් එක්සත් අරාබි එමිරේට්ස් රාජ්‍යය මහා බ්‍රිතාන්‍යයෙන් ඉල්ලීමක් කර තිබේ. 

අල් ජසීරා

Classified_Ad

Classified_Ad_News_Bottom