ඉතියෝපියාවේ මහ මැතිවරණයක් - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Classified_Ad_News_Top

Jun 21, 2021

ඉතියෝපියාවේ මහ මැතිවරණයක්

සාගතයකට සහ සිවිල් යුද්ධයකට මුහුණ දෙන ඉතියෝපියාවේ පාර්ලිමේන්තු මැතිවරණය ආරම්භ විය. අග්‍රාමාත්‍ය ධුරය හොබවන ඇබේ අහ්මද් තව ධුරටත් සිය ධුරයේ රැඳී සිටීමේ අපේක්ෂාවෙන් මැතිවරණයට ඉදිරිපත් වෙයි‍. 

අඩිස් අබාබා අගනුවර මැතිවරණ කටයුතු අද (21) ආරම්භ වූයේ උදෑසන 6 ටය. 'කොවිඩ් 19' වසංගතය හේතුවෙන් ඉතියෝපියා වැසියන් ඡන්ද පොළ වෙත පැමිණියේ මුහුණු ආවරණ පැලඳ, සමාජ දුරස්ථභාවය රැක ගනිමිනි.

ඉතියෝපියානු මැතිවරණ නිලධාරීන්හු දම් පැහැති විශේෂ කබායකින් සැරසී මැතිවරණ රාජකාරිවල නියැලුණාහ. මැතිවරණ කටයුතු සිදුවූයේ සෞඛ්‍ය අංශ ලබා දී තිබුණු මාර්ගෝපදේශ අනුවය. ඡන්ද ප්‍රකාශ කිරීමේ කටයුතු සවස 6 ට අවසන් විය. 

ඉතියෝපියානු වැසියෝ අලුයම 4 සිට ඡන්ද පොළ පෝලිම්වල සිටිනු දකින්න ලැබුණැයි අල් ජසීරා පුවත් සේවය පවසයි. වෙනදා මෙන් නොව, 'කොවිඩ් 19' වසංගතය සැලකිල්ලට ගනිමින්, රට පුරා ඡන්ද පොළ රැසක් පිහිටුවා තිබුණි. ඒ, ජනතාව ඒකරාශීවීම අවම කිරීමටය. 

මෙය 2018 වසරේ සිට බලයේ සිටින 44 හැවිරිදි අග්‍රාමාත්‍ය ඇබේ අහ්මද්ගේ ජනප්‍රියත්වය උරගා බැලීමට පැවැත්වෙන මැතිවරණයක් යැයි දේශපාලන විශ්ලේෂකයෝ පෙන්වා දෙති.

අප්‍රිකාවේ දෙවැනියට වැඩිම ජනගනයක් වෙසෙන රාජ්‍යය ඉතියෝපියාවය. ඉතියෝපියාවේ, ටිග්රේ පළාත මුල්කොට ගනිමින් ආරම්භ වුණු සිවිල් යුද ගැටුම්වලට තවමත් විසඳුමක් ලැබී නැත. 

ටිග්රේ යුද්ධය ඇරැඹුණේ 2020 නොවැම්බර් 3 වැනිදාය. ඒ, ටිග්රේ පළාත වෙනුවෙන් පළාත් රජය ස්වයං පාලනයක් ඉල්ලන බැවිනි. සටන් පවතින්නේ ටිග්රේ විමුක්ති සන්නද්ධ බළකාය සහ රජයේ හමුදාව අතරේය. 

අල් ජසීරා

Classified_Ad

Classified_Ad_News_Bottom