කිම් ජොන් උන් හමුවන්න බයිඩන් සූදානම් - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Katayam.com

Jun 21, 2021

කිම් ජොන් උන් හමුවන්න බයිඩන් සූදානම්

ඕනෑම වේලාවක, ඕනෑම තැනකදී උතුරු කොරියා නායක කිම් ජොන් උන් හෝ ඔහුගේ නියෝජිතයන් හමුවී, සාකච්ඡා පැවැත්වීමට ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන් සූදානම් බව ධවල මන්දිරය පවසයි. 

ජනාධිපති බයිඩන්, උතුරු කොරියාව වෙනුවෙන් පත් කළ විශේෂ නියෝජිත සංග් කිම් මේ බව උතුරු කොරියානු රජයට පවසා ඇතැයි ද ධවල මන්දිරය වැඩි දුරටත් කියා සිටී. 

ඇමෙරිකාව සමඟ සාකච්ඡා කරනවා ද, නැතිනම් ගැටුමට යනවා ද යන්න සම්බන්ධයෙන් තමන් තවමත් තීරණයක් ගෙන නැතැයි උතුරු කොරියා නායක කිම් ජොන් උන් පසුගිය දා පවසා තිබුණි. 
විශේෂ නියෝජිත සංග් කිම් ඇමෙරිකාවේ ස්ථාවරය උතුරු කොරියාවට පැවැසුවේ එම අවස්ථාවේදීය. 

බයිඩන්ට පෙර, ඇමෙරිකාවේ ජනාධිපති ධුරය හෙබවූයේ ඩොනල්ඩ් ට්‍රම්ප් ය. ට්‍රම්ප් අවස්ථා කීපයකදී කිම් ජොන් උන් මුහුණට මුහුණ හමුවිය. 

න්‍යෂ්ටික අවිහරණයකට උතුරු කොරියා නායකයා එකඟ කර ගැනීමට ට්‍රම්ප් සමත් වුණු නමුත ඇමෙරිකාව සෑහීමකට පත් වන අයුරින් උතුරු කොරියාවේ න්‍යෂ්ටික අවිහරණයක් සිදු වූයේ නැත. 

 ඒ අනුව, දෙරට ඇතිකරගත් මිතුදම් ඉදිරියට යෑමක් සිදු නොවිණි. බයිඩන් ඇමෙරිකාවේ ජනපති ධුරයට පත් වෙද්දී පොරොන්දු වූයේ උතුරු කොරියා නායකයා හමුවී, ට්‍රම්ප් උතුරු කොරියාව සමඟ ආරම්භ කළ මිත්‍රත්වය දිගටම පවත්වා ගෙන යෑමට තමන් උත්සාහ ගන්නා බවය. 

රොයිටර්

No comments:

Post a Comment

Stay Safe

Stay_Safe Free_Ad